මිනිස් ජාවාරම්කරුවන් අතරමං කර ගිය පිරිසක් නාවික හමුදාව මුදාගනී

මිනිස් ජාවාරම්කරුවන් විසින් අතරමං කර දමාගොස් බවට සැකකෙරෙන පුද්ගලයින් 06 දෙනෙක් තලෛයිමන්නාරම, වැලිපර ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා නාවික හමුදාව, තලෛයිමන්නාරම, වැලිපර ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමක දී නීති විරෝධී ලෙස ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙනවිත්, තලෛයිමන්නාරම වැලිපර හත ප්‍රදේශයේ අතරමන් කර දමාගොස් සිටි මෙම පිරිස නාවික හමුදාවට විසින් මුදාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස නාවික හමුදාව විසින් මුදාගෙන ඇත්තේ ශ්‍රී ලාංකික පුද්ගලයින් හයදෙනෙක් බවයි තොරතුරු වාර්තා වුණේ.

මිනිස් ජාවරම්කරුවන් විසින් මුහුදු මාර්ගයෙන් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන බවට පොරොන්දු වී, තලෛයිමන්නාරමට ඔබ්බෙන්වූ ශ්‍රී ලංකාවට අයත් හත්වැනි වැලි පරය මත මොවුන්ව අතරමන්කර දමා ගොස් තිබෙනවා.

නාවික හමුදා භාරයට ගත් මෙම පිරිස අවුරුදු 08 ත් 56 ත් අතර වයසේ පසුවන වව්නියාව, මඩු සහ කොක්කඩිචෝලේ යන ප්‍රදේශයන්හී පදිංචිව සිටි පුද්ගලයන් බවට හඳුනාගෙන තිබෙනවා.

එම පිරිස ඉදිරි නීතිමය කටයුතු සඳහා තලෙයිමන්නාරම පොලිසිය වෙත භාරදීමටයි කටයුතුකර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් ආණ්ඩුව සැරටම අමතයි.. මේකද ඔයාලගේ පොහොසත් රට..?
07:56
Video thumbnail
මහනුවර සහ නුවරඑළියට තවදුරටත් තද වැසි
02:52
Video thumbnail
සුඛෝපභෝගී බස් රථයක් අළු කරලා පැනලා ගිය ඩබල
03:44
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.05
00:00
Video thumbnail
බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමාට ජනාධිපතිතුමා කිව්ව කතාව
00:59
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05