මැති ඇමැතිවරු රන්ජන් වෙනුවෙන් පෙරට එයි

රන්ජන් රාමනායකට ජනාධිපති සමාව ලබාදී ඔහු බන්ධනාගාරයෙන් නිදහස් කරගැනීම සඳහා ආණ්ඩුවේ මැති ඇමැතිවරු පිරිසක් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට කරුණු ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.රන්ජන් රාමනායක මහතා බන්ධනාගාර ගතවීම හේතුවෙන් ඔහු රඟපාන සිනමා නිර්මාණ කීපයක්ම රූගත කිරීම් නතර කර ඇති බවට කලා ශිල්පීන් රැසක් දැනුම්දීම හේතුවෙන් මැති ඇමැතිවරුන් පිරිසක් ජනාධිපතිවරයාට කරුණු ඉදිරිපත් කිරීමට මෙසේ පියවර ගෙන තිබේ.අධිකරණ ඇමැති විජේදාස රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය ඇතුළු මැති ඇමැතිවරුන් පිරිසක් රන්ජන් නිදහස් කරගැනීමට ගන්නා උත්සාහයට මුල්වී ක්‍රියා කරති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
41
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?