මහර බන්ධනාගාරයේ හටගත් නොසන්සුන්තාව හේතුවෙන් තුඅල ලැබූ රැඳවියන් සිව්දෙනෙක් තුවාල ලබා රාගම රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.
මේ අතර ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමට මේ වන විට පියවර ගෙන ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
බන්ධනාගාරයේ අඩි 15ක් පමණ උස තාප්පයකින් පැන ඉන් පළායාමට රැඳවියන් පිරිසක් ක්‍රියාත්මක කළ සැලැස්මක් ව්‍යාර්ථ කිරීමට යාමේ දී මෙම නොසන්සුන්තාව හටගෙන ඇති බව විශ්වසවන්ත ආරංචි මාර්ග පැවසුවා.
මේ අතර ඇති වූ නොසන්සුකාරී තත්ත්වය තුළ බන්ධනාගාරය තුළ වෙඩි තැබීම කිහිපයක් ද සිදුව ඇති අතර, ගිනි ගැනීම් කිහිපයක් ද සිදුව ඇති බවට තොරතුරු වාර්තා වුණා.













