මව සිය දියණියන් තිදෙනාට වස පොවා තමාද වස බිව් කතාව බොරුවක් : සත් හැවිරිදි දියණිය ඇත්ත හෙළිකරයි

දියණියන් තිදෙනාට වසපොවා තමාද වසබිව් පැවසූ නිසා ඉකුත් 27 වෙනිදා බදුල්ල මහරෝහලට ඇතුලත් කළ පලනියන්ඩි මුතු දර්ශනී (31) නමැති කාන්තාව පවසා ඇත්තේ ව්‍යාජ ප්‍රකාශයක් බව විමර්ශන වලදී අනාවරණය වී ඇති බව බණ්ඩාරවෙල ජේෂ්ඨ පොලිස් අධිකාරි අතුල ද සිල්වා මහතා පවසනවා.

මෙම කාන්තාවගේ සැමියා පෙදරේරුවෙක් බවත් සැමියාගේ පියා සමග මෙම පවුල ඇල්ල, දෙමෝදර වත්තේ වේවැල්හින්න කොටසේ කම්කරු නිවසක මොවුන් ජීවත් වන බවත් විමර්ශන වලදී අනාවරණය වී ඇත. එහෙත් මෙම යුවල වත්තේ සේවකයන් නොවන බව වතු අධිකාරිවරයා පවසා තිබේ.

සැමියා මේ දිනවල රත්පුරේරැකියාව කරන අතර එම මුදල් බිරිදට නොදී මාමන්ඩියට එවන බව කියමින් මෙම කාන්තාව මාමන්ඩිය සමග මෑතක සිට අඩදබර ඇතිකර ගෙන ඇත.

මේ හේතුවෙන් සිය දියණියන්ට තේ සමග මුසුකර මීපාෂානම් පෙවා තමාද මීපානම් කෑ බව ප්‍රකාශ කළේ සිය මාමන්ඩිය බියගැන්වීමට බවත් මෙම කාන්තාව පොලිසියට කළ ප්‍රකාශයේ සඳහන්වන බව ඇල්ල පොලිසිය පවසනවා.

7 හැවිරිදි දියණිය පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ තමාට සහ නැගනියන් දෙදෙනාට මීපාෂනම් තේ සමග මිශ්‍රකර ලබා නුදුන් බවත්, එසේ දුන් බව සීයාට පවන්න යැයි අම්මා කියූ බවයි. ඒ අනුව සීයාට එලෙස කිව් බවත් තමා එසේ කළේ අම්මාගේ කීමට බවත් ඇය පවසා තිබේ .

මොවුන් හතර දෙනාම බදුල්ල මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්යෙ වරයා වෙත ඉදිරිපත් කරන බවද මෙම කාන්තාවට විරුද්දව නීතිමය පියවර ගන්නා බවයි ජේෂ්ඨ පොලිස් අධිකාරි අතුලද සිල්වා මහතා ප්‍රකාශ කර සිටියේ.

බදුල්ලම කම්පා කරවමින් දියණියන් තිදෙනාට වස පොවා මවක් වස බොයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාස්කුවේ විත්තිකරුවන් නව දෙනෙකු නිදොස් කොට නිදහස්
00:43
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ
01:30
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?
01:31
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ - දැන් දේවාලයට වදින්න පුළුවන් වෙයි
02:23
Video thumbnail
විපක්ෂය දුර්වලයි කියද්දි රෝහණට යකා නැග්ගද ?එයාලා එක්ක ග#ගන්නද කියන්නේ ?
02:56
Video thumbnail
ලෝකය දකින නායකයෙක් සජිත් කියන්නේ - ආතල් එකට බොරු කියලා චූන් කරන්නේ නෑ
02:53
Video thumbnail
කටට එන දෙයක් කියන නායකයෙක් බවට ජනාධිපති පත්වෙලා.. කතාවලට වැලිව් එකක් නෑ
02:06
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?රෝහණගෙන් ප්‍රබල හෙළිදරව්වක්
02:12
Video thumbnail
සජබය පාරේ විරෝධතාවයක් තියෙන්නේ පාර්ලිමේන්තුවේ බලය නැති නිසාද ?
03:40
Video thumbnail
වැරදි කරපු අය ආවේ නැති වුණාට කමක් නෑ..අපේ ගොඩට ගන්න සූදානම් නෑ
03:22