මට්ටක්කුලියේ මනුෂ්‍ය ඝාතනයක්

මට්ටක්කුලිය, කැළණි ගඟ මෝල පාරේ දී තියුණු ආයුධවලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් විසින් නිවසක් ඉදිරිපිට සිටි පුද්ගලයෙකුට ඊයේ (30) රාත්‍රියේ තියුණු ආයුධවලින් පහර දී පලාගොස් තිබුණා.

පහර කෑමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමේ දී මියගොස් සිටි බවයි පොලිසිය සඳහන් කළේ.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 39ක අයෙක් වන අතර පුද්ගලික ආරවුලක් මෙම ඝාතනයට හේතු වී ඇති බවටයි මේ වන වනවිට අනාවරණය වී ඇත්තේ.

ඝාතනය සඳහා පැමිණි පුද්ගලයන් හඳුනාගෙන ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විමර්ශන ආරම්භකර තිබෙනවා.

මට්ටක්කුලිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?