spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බෝට්ටුවක් ගිලී 31ක් මරුට…තවත් පිරිසක් අතුරුදන්

ප්‍රංශයේ සිට එක්සත් රාජධානිය බලා ගමන්ගත් සංක්‍රමනිකයන් රැගත් බෝට්ටුවක් අනතුරට ලක් වීමෙන් පුද්ගලයින් 31 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

බෝට්ටුව, උතුරු ප්‍රංශයේ කැලේස් කලාපය ආශ්‍රිත ඉංග්‍රීසි ඇලේ ගිලී ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

2014 වසරෙන් පසු එම ඇල මාර්ගයේ සිදුවූ විශාලතම අනතුර මෙය බව සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය පවසනවා.

මියගිය අය අතර කාන්තාවන් පස් දෙනෙකු සහ ගැහැණු ළමයෙකු වන බවයි ප්‍රංශ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ.

පුද්ගලයන් දෙදෙනෙකු බේරාගෙන ඇති අතර එක් අයෙකු අතුරුදහන් වී ඇති බවද සඳහන්.

සංක්‍රමනික බෝට්ටු අනතුරත් සමඟ මිනිස් ජාවාරම් මැඩ පැවැත්වීම සඳහා බි‍්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් විසින් ද්වී පාර්ශවික එකඟත්වයකට පැමිණ ඇති බවද සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?