Rajapura Handi Oil
Rajapura Diabetic Powder

බුදු දහමට සිදුවන තර්ජන මැඩලීමට නව නීති සම්පාදනය කෙරෙහි අවධානය 

බුදු දහමට සිදුවන තර්ජන මැඩලීම සඳහා නීති සම්පාදනය කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා .

අග්‍රාමාත්‍යවරයා සඳහන් කරන්නේ පවිටු පාර්ශවවලින් එල්ලවන බලපෑම් හමුවේ බුදු දහම සුරක්ෂිත කර ගැනීම සම්බන්ධයෙන් මහා නායක හිමිවරුන් ද තමන් දැනුවත් කළ බවයි.

මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දන්ත ධාතූන් වහන්සේ වැද පුදා ගත් අග්‍රාමාත්‍යවරයා සියම් මහ නිකායේ මල්වතු හා අස්ගිරි පාර්ශවයේ මහා නායක හිමියන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ මේ බව ප්‍රකාශ කර සිටියා

ධර්මයට හානි කිරීම සඳහා ජාත්‍යන්තර සංවිධාන සිය මුදල් විවිධ අකටයුතුකම් සඳහා යොදවන ආකාරය හෙළි දරව් වී ඇති බවයි අග්‍රමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියා