බිත්තර වැඩි මිලට වික්කාට ලැබුනු හොඳම දඬුවම

ගැසට් කරන ලද  මිලට වඩා රුපියල්  9 ක් වැඩිපුර බිත්තරයකින් අය කර විකුණමින් සිටි පිළියන්දල මොරටුව පාරේ වෙළෙන්දෙකුට එරෙහිව නීති මගින් කටයුතු  කර එහි තිබූ  බිත්තර තොගය නියමිත මිලට පාරිභෝගිකයන් වෙත අලෙවි කිරීමට  පාරිභෝගික කටයුතු අධිකාරියේ වැටලීම් අංශයේ  නිලධාරීන්  වෙළෙන්දා වෙත නියෝග කර තිබෙනවා.

වෙළඳසැලේ දොර වසා  අධික මිල ගණන්වලට බිත්තර අලෙවි කරන බවට පාරිභෝගික අධිකාරියට දිගින් දිගටම ලද පැමිණිලි අනුව වැටලීම සිදුකර තිබෙනවා.

වැටලීම සිදුකරන අවස්ථාවේදී වෙළඳසැල තුල බිත්තර 3120 ක්  පෙට්ටි 12ක් තිබූ බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසනවා.

එම බිත්තර ගැසට් කරන ලද නියමිත මිලට එනම් රුපියල් හතලිස් හතර බැගින් අලෙවි කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරියේ වැටලීම් නිලධාරීන් විසින් වෙළෙන්දාට නියෝග කළ අතර ඒ අනුව එම අවස්ථාවේදීම පාරිභෝගිකයන් විශාල පිරිසක් පැමිණ බිත්තර මිල දී ගන්නා අයුරු දක්නට ලැබුනු බවයි අප වාර්තාකරැ පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42