බලශක්ති ඇමති සහ විදුලි වෘත්තීය සමිති අතර සාකච්ඡාවක්

විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සහ විදුලි වෘත්තීය සමිති අතර සාකච්ඡාවක් ඊයේ (12) පස්වරුවේ සිදුව තිබෙනවා.

බලශක්ති අමාත්‍යංශ පරිශ්‍රයේ දී පැවති මෙම සාකච්ඡාවට ලංකා විදුලි බලමණ්ඩලය නියෝජනය කරන සියලු වෘත්තීය සමිති සහභාගී වී ඇති බවයි වාර්තා වන්නේ.

ලංකා විදුලි බලමණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරිමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අමාත්‍යවරයා මෙහිදි වෘත්තීය සමිති නියෝජිතයන්ට කරුණු පැහැදිලි කිරිමක් සිදුකර තිබෙනවා.

එමෙන්ම ලංකා විදුලිබල මණ්ඩලයේ සාමූහික ගිවිසුම්, විදුලි ගාස්තු, රජයේ බදු ප්‍රතිපත්තිය සහ ලංවිමට අදාළ අනෙකුත් කරුණු පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වී ඇති බවයි වාර්තා වුණේ.

අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඇතැම් කරුණු සම්බන්ධයෙන් වෘත්තීය සමිති සිය එකඟතාව ද පළ කර ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
3
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
2
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
2
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?