බංග්ලාදේශය සමග ඇති මිත්‍රත්ත්වය වැඩි කරගැනීමට සාකච්ඡා

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ බංගලාදේශයේ හිටපු අමාත්‍ය හොසේන් සිලූර් රහ්මාන් (Dr.Hossain Zillur Rahman) මහතා අතර හමුවක් පැවැත්වුණා.

මෙම හමුව ඊයේ (19) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදු වූ බවයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දැක්වෙන්නේ.

හිටපු අධ්‍යාපන සහ වාණිජ අමාත්‍ය ආචාර්ය හොසේන් සිලූර් රහ්මාන් මහතා සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා අතර මෙම හමුවේ දී දෙරට අතර පවතින දිගු කාලීන මිත්‍රත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණා.

ඉදිරියටත් මෙම සහයෝගීතාව දෙරට අතර වර්ධනය කරගැනීම අපේක්ෂාව බවයි හොසේන් මහතා අවධාරණය කළේ.

නව රජයේ වැඩපිළිවෙළ පිළිබඳව හා මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාවේ ඉදිරි ගමන් මග සම්බන්ධයෙන් ද මෙහිදී වැඩි වශයෙන් සාකච්ඡා කෙරුණා.

මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සහ බංග්ලාදේශ තානාපති කාරියාලයේ නිලධාරින් ද එක් ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අභිරහසක් ඉතිරි කර පිළිස්සී එළොව ගිය වයෝවෘද්ධ කාන්තාව..
01:01
Video thumbnail
නාමල් ගිහින් හිටපු නගරාධිපති ජාලියෝට දුන්න සුපිරි Birthday Surprise එක..මචන් මටත් කේක් කෑල්ලක්
02:07
Video thumbnail
අවුරුදු උත්සවයට ගිය පිය පුතු ගමන රෝහලෙන් නතර වුණ හැටි..ත්‍රීවීල් එකක් දුම්රියක ගැටෙයි
01:05
Video thumbnail
රටේ ජාතික මූල්‍ය ආරක්ෂාව අනතුරේ..හිටිහැටියෙම මුදල් වාෂ්ප වෙන්න ඉඩ දෙන්න බෑ
08:06
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ සේවා පෙදෙසේ AC එකක්වත් වැඩ නෑ..මිනිස්සු හූරන් කන ආකාරයට මුදල් අය කරන්නේ
01:42
Video thumbnail
එළොව ගිය සහකාර අධ්‍යක්ෂකවරයා ගැන හර්ෂ සංවේදී වී කිව්ව දේ..සියලුම සාමාජිකයින්ට කම්පනයක් වුණා
00:57
Video thumbnail
"ඔව් දැවැන්ත හොරකමක් වෙලා තියෙනවා"අහිමිවුණ ඩොලර් මිලියන 2.5 ගැන හර්ෂගෙන් ප්‍රබල හෙළිදරව්වක්..
08:39
Video thumbnail
රටේ ඉතිහාසය අලුත් කරන මැයි දිනයක් බවට මේක පත්වෙනවා..21ම ඉතාම ඉහළින් සාර්ථක වෙනවා
06:20
Video thumbnail
මුළු කොලඹම කැළඹෙයි - බලය පෙන්නන්න හදන පරණ සෙල්ලම ආයෙත් එළියට
04:10
Video thumbnail
ඥානසාර හිමිගෙන් ක්‍රිකට් ආයතනය ගැන ඇස් උඩයන හෙළිදරව්වක් - මට හෙට තව නඩුවක් වැටෙයි
02:29