spot_imgspot_img
spot_img

පෞද්ගලික බස්, දුම් පරීක්ෂාවෙන් ඉවත්වෙයි

සියලු පෞද්ගලික බස් රථ ලබන වසරේ ජනවාරි මාසයේ සිට දුම් පරීක්ෂාව සිදුකිරීමෙන් ඉවත් වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කොළඹ දී මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව සඳහන් කළා.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථවල දුම් පරීක්ෂාව සිදු නොකරන්නේ නම් පෞද්ගලික බස් රත් සඳහා ද දුම් පරීක්ෂාව අවශ්‍ය නොමැති බවයි.

එකම ගාස්තුවට ධාවනය කර, එකම සේවාවක් සපයන්නේ නම් නීතිය දෙයාකාරයකින් සැලකීමට හැකියාවක් නොමැති බවයි සභාපතිවරයා මෙහිදී සඳහන් කළේ.

මේ අතර දුම් පරීක්ෂාව සඳහා ප්‍රායෝගික වැඩපිළිවෙලක් නොමැති පසුබිමක මෙම තීරණය ගත් අතර, ඒ සම්බන්ධයෙන් මෙම සතියේ දී ප්‍රවාහන බලධාරීන් දැනුවත් කිරිමට පියවර ගන්නා බවයි එම සංගමය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
3
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?