පෞද්ගලික බස්, දුම් පරීක්ෂාවෙන් ඉවත්වෙයි

සියලු පෞද්ගලික බස් රථ ලබන වසරේ ජනවාරි මාසයේ සිට දුම් පරීක්ෂාව සිදුකිරීමෙන් ඉවත් වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කොළඹ දී මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව සඳහන් කළා.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථවල දුම් පරීක්ෂාව සිදු නොකරන්නේ නම් පෞද්ගලික බස් රත් සඳහා ද දුම් පරීක්ෂාව අවශ්‍ය නොමැති බවයි.

එකම ගාස්තුවට ධාවනය කර, එකම සේවාවක් සපයන්නේ නම් නීතිය දෙයාකාරයකින් සැලකීමට හැකියාවක් නොමැති බවයි සභාපතිවරයා මෙහිදී සඳහන් කළේ.

මේ අතර දුම් පරීක්ෂාව සඳහා ප්‍රායෝගික වැඩපිළිවෙලක් නොමැති පසුබිමක මෙම තීරණය ගත් අතර, ඒ සම්බන්ධයෙන් මෙම සතියේ දී ප්‍රවාහන බලධාරීන් දැනුවත් කිරිමට පියවර ගන්නා බවයි එම සංගමය පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34