පොස්පේට් ගනුදෙනුව ගැන චාමරගෙන් ප්‍රකාශයක් ගන්න CID ට අවසර

ඉකුත් රජය සමයේ රජයට රුපියල් මිලියන 2,700ක පාඩුවක් කළ බව කියන පොස්පේට් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකගෙන් ප්‍රකාශයක් ගැනීමට අධිකරණය අද (01) අවසර දුන්නා.

ඒ, සිද්ධිය සම්බන්ධයෙන් බී වාර්තාවක් මගින් අධිකරණය හමුවේ ගොනු කළ කරුණු සැලකිල්ලට ගනිමින්.

පොලීසිය පැවසුවේ, අධිකරණ නියෝග මත දැනට බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගෙන් බන්ධනාගාරයේ දී ප්‍රකාශ ලබා ගැනීමට පියවර ගන්නා බවයි.

මේ අතර, අදාළ ගනුදෙනුවට අදාළව එහි උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු නාවල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධි වත්කම් කොට්ඨාසය විසින්.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, නවීන් ධනේෂ් නමැති අයෙක්.

අධිකරණ නියෝග අනුව, ඔහුගේ නිවසේ කළ පරීක්ෂාවකදී එහි තිබි වෙස්ලි ලන්ඩන් සෙවන්ටි සික්ස් ඒ, ඕ හන්ඩ්‍රන්ඩ් ඇන්ඩ් ටු වර්ගයේ බලපත්‍ර නොමැති කුඩා පිස්තෝලයක්, 9mm වර්ගයේ බලපත්‍ර සහිත පිස්තෝලයක් , එම උණ්ඩ 20 ක් සහ එස්.එල්.ජි සිරෝ වන් ටු ත්‍රි රිපිටර් වර්ගයේ ගිනි අවියක් පොලිසිය භාරයට ගෙන තිබෙනවා.

ඉකුත් රජය සමයේ ලංකා පොස්පේට් සමාගම විසින් නීති විරෝධි ලෙස රොක් පොස්පේට් මෙට්‍රික් ටොන් 30,000ක් අපනයනය සඳහා සමාගම් 03ක් වෙත අලෙවි කිරීමෙන් රජයට රුපියල් මිලියන 2,700කට ආසන්න මුදලක් අහිමි කර ඇති බව කියන සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන ක්‍රියාත්මකයි.

මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක කර්මාන්ත රාජ්‍ය ඇමැති ලෙස කටයුතු කළ ඉකුත් 2022 සහ 2023 වසර අතර කාල වකවානුවේදී එප්පාවල ලංකා පොස්පේට් සමාගමට අයත් රොක් පොස්පේට් මෙට්‍රික් ටොන් 30,000ක් අපනයනය කිරීමෙන් රජයට රුපියල් මිලියන 2,700ක් පමණ පාඩු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි වාර්තා වනවා.

මීට අදාළ පැමිණිල්ල පොස්පේට් සමාගමේ හිටපු සේවකයකු විසින් සිදු කර ඇති අතර ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන අංශය මගින් විමර්ශන ආරම්භ කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙතෙක් සිදුකළ විමර්ශනවලට අනුව සමාගම් දෙකක් හරහා රොක් පොස්පේට් අපනයනය කර ඇති බව අනාවරණය වී ඇතැයි ද සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව ද සඳහන් කරනවා.

අපරාධ පරීක්ෂණ සහ මූල්‍ය අපරාධ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිටගේ උපදෙස් පරිදි නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්ෂ පොලිස් අධිකාරී සුජීව විජේසේන ඇතුළු නිලධාරීන් පිරිසක් මෙහි වැඩිදුර විමර්ශන සිදු කරනවා.

මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත ව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක කර්මාන්ත රාජ්‍ය ඇමැති ලෙස කටයුතු කළ උක්ත සමයේ දිනක එනම් 2023 ජූලි 17 දින එම ආයතනයට නිරීක්ෂණ චාරිකාවක් සඳහා පැමිණ එම සමාගමේ සේවකයන් විසින් වංචා දූෂණ කටයුතු සම්බන්ධයෙන් හෙළිදරව්වක් කිරීමට උත්සාහ කළ අවස්ථාවේ එවකට කර්මාන්ත ඇමති චාමර සම්පත් දසනායක විසින් පොස්පේට් සමාගමේ විධායක නිලධාරියකුට පහර දීමට උත්සාහ කිරීමමේ සිදුවීමක් ද පසුගියදා වාර්තා වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17