පොලිස්පතිට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

පොලිස් අත්අඩංගුවට පත්වන පුද්ගලයින් විවිධ විමර්ශනවලට පිටතට රැගෙන යන අවස්තාවලදී වෙඩි තබා මරණයට පත්වීමේ සිද්ධීන් වැළැක්වීම සඳහා මාර්ගෝපදේශ මාලාවක් සකස් කර අද දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දුන් නියෝගයක් ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් අප්‍රේල් මස 03 වනදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (24) පොලිස්පතිවරයාට නියෝග කළා.

එස්. තුරෙයි රාජා, ඒ. එච්.එම්.ඩී නවාස් සහ අචල වෙංගප්පුලි යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසිනුයි මෙම නියෝගය නිකුත් කළේ.

2008 වසරේ කොම්පඤ්ඤවීදිය පොලිස් අත්අඩංගුවේ සිටි මොහොමඩ් ඉර්ෆාන් නමැති සැකකරුවෙකු විමර්ශන කටයුතු සඳහා පිටතට රැගෙන ගිය අවස්ථාවේ දී පළා යාමට තැත් කළේ යැයි වෙඩි තබා ඝාතනය කිරීමට එරෙහිව ඔහුගේ බිරිඳ වන ෆාතිමා ෂර්මිලා විසින් ඉදිරිපත් කළ පෙත්සමක තීන්දුව ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණය මෙවැනි සිදුවීම් අනාගතයේ දී ඇති වීම වැළැක්වීම සඳහා මාර්ගඋපදේශ මාලාවක් සකස් කර අද(24) දින අධිකරණය හමුවේ ගොනුකරන ලෙස පෙබරවාරි මස 05 වනදා පොලිස්පතිවරයාට නියෝග කර තිබුණා.

එහෙත් අදාළ පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් මහතා අධිකරණය හමුවේ පෙනී සිටි අතර පොලිස්පතිවරයා විසින් අදාල මාර්ගෝපදේශ මාලාව අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නැහැ

මේ සම්බන්ධයෙන් දැඩි දෝෂාරෝපණ එල්ල කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු තුරෙයිරාජා මහතා “පොලිස් දෙපාර්තමේන්තුව වසර දෙසීයකට ආසන්න කාලයක් ක්‍රියාත්මක වෙනවා. කෘෘර වධ හිංසා සිද්ධීන් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගිය කාලයේ තීන්දු රැසක් ප්‍රකාශයට පත් කළා. එහෙත් ඒවා ආදර්ශයට ගෙන කෘර වද හිංසා වැලැක්වීමට නිසි වැඩසටහනක් ක්‍රියාත්මක කර නැහැ. මෙම තත්ත්වය වැළැක්වීම සඳහා පොලිස් නිලධාරීන්ට විධිමත් පුහුණුවක් ලබා දිය යුතුයි. මුදල් ප්‍රතිපාදන වෙන් කොට විශේෂ පුහුණුවක් ලබාදීමට පොලිස්පතිවරයා කටයුතු යුතුයි. පොලිස් දෙපාර්තමේන්තුව තුළ වෙනම නීති කොට්ඨාශයක් තිබෙනවා. එහි නීති නිලධාරීන් ද රැසක් සිටිනවා. එසේ තිබියදී මෙවැනි සිද්ධීන් වළක්වා ගැනීමට නොහැකි වීම කනගාටුදායක තත්වයක්”

යනුවෙන් විවෘත අධිකරණයේ ප්‍රකාශ කළා.

ඉන් අනතුරුවයි ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් පොලිස්පතිවරයා වෙත මෙම නියෝගය නිකුත් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට ඩොලර් පුච්චන්න අයිතියක් නෑ - අත් කහ වෙනකල් වැඩ කරලා එවන ඩොලර් මේ
06:21
Video thumbnail
ජනපති ඉදිරියේම ඉල්ලා අස්වීමට හේතුව කිව්ව කපිල.."මම කැමති වුණේ නෑ කාටවත් මඩ ගහන්න ආයුධ දෙන්න"
04:11
Video thumbnail
ඉල්ලා අස්වුණු ලේකම් කපිල පෙරේරාට බිමල් දුන්න තෑග්ග.. ආචාර කරලා තෑග්ග ගත්ත හැටි
00:46
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බන්ධනාගාර නියාමකවරයෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්
00:59
Video thumbnail
දායකයොත් එපා කියද්දිම පන්සලේ හාමුදුරුවෝ කරපු වැඩේ..අවුකන පිළිමයට පමණක් දෙවෙනි වූ ශෛලමය පිළිමය
09:23
Video thumbnail
ගම්බිම් බලා යාමට විශාල ජන ගඟක් මාකුඹුර ප්‍රවාහන මධ්‍යස්ථානයට ඇදෙයි..දිගු පෝළිම්වල ඉන්න හැටි
02:05
Video thumbnail
"හමුදාවේ බලය පෙන්නලා මට සද්ද දැම්මා"පැමිණිල්ල ඉල්ලා අස්කරගත්තේ නැත්තම් මං ගැන බලාගන්නම් කිව්වා
03:18
Video thumbnail
අපේ සමාජයට අවශ්‍යයයි නව හර පද්ධතියක් - ඊළඟ සමාජයේ හැඩරුව තීරණය කරන්නේ තරුණ පරපුර
07:08
Video thumbnail
ජනපති, මත්ද්‍රව්‍ය ගැන කළ ප්‍රබල හෙළිදරව්ව - තරුණයන් ඉදිරියේ විනාශකාරී දොරටුවක් තියෙනවා
06:27
Video thumbnail
"තෙරුවන් සරණයි අපේ ජනාධිපතිට"කත්නෝරුවේ හිමිගේ පන්සලට ගිය ජනපතිට මිනිස්සුන්ගෙන් ලැබුණ ආදරය -
01:12