spot_imgspot_img

පොල්පිටිය – හම්බන්තොට විදුලි සම්ප්‍රේෂණ මාර්ගය ජාතික පද්ධතියට

පොල්පිටිය සිට හම්බන්තොට දක්වා දිවෙන විදුලි සම්ප්‍රේෂණ මාර්ගය ජාතික විදුලි බල පද්ධතියට අද (24) එක් කර තිබෙනවා.

ලංකා විදුලි බල මණ්ඩලය පැවසුවේ පොල්පිටිය සිට හම්බන්තොට නව විදුලි සම්ප්‍රේෂණ මාර්ග ව්‍යාපෘතිය සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර මත අමෙරිකානු ඩොලර් මිලියන 55ක මුදලක් වැය කෙරුණු බවයි.

මෙමගින් දකුණු පළාතේ විදුලිබල ජාල පද්ධතිය වඩාත් ශක්තිමත් වන අතර විදුලිබල සැපයුමේ ඇති ගුණාත්මක භාවය වර්ධනය වීම මෙන්ම දකුණු පළාත තුළට සහ ඉන් පිටතට විදුලිබල සම්ප්‍රේෂණය කිරීමේ ධාරිතාවය ද ඉහළ නංවා ගත හැකි බව සඳහන්.

රත්නපුර, සිරිපාගම ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක් හරහා රැහැන් පද්ධතිය ඉදිකිරීම සඳහා පැවති බාධක හේතුවෙන් අදාළ සම්ප්‍රේෂණ මාර්ගය ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීම ප්‍රමාද වී තිබුණා.

එම ගැටලුව නිරාකරණය කිරීමත් සමඟම එම ඉඩම හරහා නව රැහැන් පද්ධතිය ඉදිකිරීමේ කටයුතු පසුගිය දා ආරම්භ කිරීමටයි විදුලිබල මණ්ඩලය පියවර ගෙන තිබුණේ.

මෙම සම්ප්‍රේෂණ මාර්ගය ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමත් සමඟ සමනල වැව ජල විදුලි බලාගාරයෙන් විදුලිය උත්පාදනය අඩු වුව ද දකුණු පළාතට විදුලිය සැපයීම බාධාවක් නොවන බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කළා.

Hambantota Polpitiya Power Line
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?