පේරාදෙණියේ සරසවි සිසුවියක් ජීවිතක්ෂයට

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අවසන් වසරේ සිසුවියක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

එම සිසුවිය කිසියම් ඖෂධ පෙති වර්ගයක අධිමාත්‍රාවක් පානය කර ඇති බවටයි විශ්වවිද්‍යාල පාලනාධිකාරිය අනාවරණය කරගෙන ඇත්තේ.

ඇය ඊයේ (28) විශ්වවිද්‍යාලයේ මලසේකර නේවාසිකාගාරයේ නේවාසිකාගාර කාමරය තුළදී අසාධ්‍ය තත්ත්වයට පත්ව ඇති අතර ඇයගේ මිතුරියන් විසින් පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එහි ප්‍රතිකාර ලබමින් සිටියදී අද අලුයම ඇය මියගොස් ඇතැයි සඳහන්.

මෙලෙස මියගොස් ඇත්තේ කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි සිසුවියක්.

ඇය කලක සිට මානසික ආතතියට ප්‍රතිකාර ලබමින් සිටි බව ද අනාවරණය වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?