පෙම්වතා සමග ජීවත් වීමට ඇති කැමැත්ත මත නීත්‍යනුකූල සැමියාව ලක්ෂ 20ක් දී මරලා

තම නීත්‍යනුකූල ස්වාමි පුරුෂයා ඝාතනය කිරීමට කුලියට ගත් ඝාතකයින්ට රුපියල් ලක්ෂ 20ක මුදලක් ලබා දී ඇති බව ඉන්දියාවේ නැගෙනහිර කාසි කඳුකර දිස්ත්‍රික්කය කැලඹූ ඝාතන සිදුවීම ගැන හෙළි ව තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, රාජා රඝුවන්ෂි නමැත්තාව ඝාතනය කර දුර්ගයකින් පහළට ඔහුගේ සිරුර තල්ලු කිරීමට සැකකාර බිරිඳ සිය අනියම් පෙම්වතා සමග සැලසුම් සකස් කර ඇති බවට සිදු කරන ලද මූලික විමර්ශනවල දී හෙළි ව ඇති බවයි.

සෝනම් රඝුවන්ෂි සහ මරණකරු වන රාජා රඝුවන්ෂි ඔවුන් දෙදෙනාගේ විවාහ මංගල්‍යයෙන් පසුව මධුසමය ගත කිරීම සඳහා මේඝාලයට පැමිණ තිබෙනවා.

සැකකාරිණිය සිය පෙම්වතා සමග එක් ව ඝාතන සියල්ල ම සැලසුම් කර, කුලියට ගැනුණු ඝාතකයින් ව බැංග්ලෝර්හිදී හමු වී තිබෙනවා.

ඒ සිය ඝාතනය කෙරුණු නීත්‍යනුකූල ස්වාමියා ද සමගින්.

ඔවුන් අතර දූරකථන මාර්ගයෙන් ද ඝාතනයට පෙර සංවාද සිදු ව තිබෙනවා.

ඝාතනයට සහාය දුන් කුලී ඝාතකයින් සහ අලුත විවාහ වූ යුවළ ද පැමිණ ඇත්තේ එකම නගරයක සිට බවයි හෙළි ව ඇත්තේ.

නීත්‍යනුකූල විවාහයට අකමැති වීම හේතුවෙන් සෝනම් රඝුවන්ෂි විසින් තමන් ආදරය කරන පෙම්වතා සමග දිවි ගෙවීමට ඇති කැමැත්ත හේතුවෙන් නීත්‍යනුකූල ස්වාමියාව මෙලෙස ඝාතනය කර තිබෙනවා.

මූලාශ්‍රය – NDTV



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:16
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17