පෙම්වතා සමග ජීවත් වීමට ඇති කැමැත්ත මත නීත්‍යනුකූල සැමියාව ලක්ෂ 20ක් දී මරලා

තම නීත්‍යනුකූල ස්වාමි පුරුෂයා ඝාතනය කිරීමට කුලියට ගත් ඝාතකයින්ට රුපියල් ලක්ෂ 20ක මුදලක් ලබා දී ඇති බව ඉන්දියාවේ නැගෙනහිර කාසි කඳුකර දිස්ත්‍රික්කය කැලඹූ ඝාතන සිදුවීම ගැන හෙළි ව තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, රාජා රඝුවන්ෂි නමැත්තාව ඝාතනය කර දුර්ගයකින් පහළට ඔහුගේ සිරුර තල්ලු කිරීමට සැකකාර බිරිඳ සිය අනියම් පෙම්වතා සමග සැලසුම් සකස් කර ඇති බවට සිදු කරන ලද මූලික විමර්ශනවල දී හෙළි ව ඇති බවයි.

සෝනම් රඝුවන්ෂි සහ මරණකරු වන රාජා රඝුවන්ෂි ඔවුන් දෙදෙනාගේ විවාහ මංගල්‍යයෙන් පසුව මධුසමය ගත කිරීම සඳහා මේඝාලයට පැමිණ තිබෙනවා.

සැකකාරිණිය සිය පෙම්වතා සමග එක් ව ඝාතන සියල්ල ම සැලසුම් කර, කුලියට ගැනුණු ඝාතකයින් ව බැංග්ලෝර්හිදී හමු වී තිබෙනවා.

ඒ සිය ඝාතනය කෙරුණු නීත්‍යනුකූල ස්වාමියා ද සමගින්.

ඔවුන් අතර දූරකථන මාර්ගයෙන් ද ඝාතනයට පෙර සංවාද සිදු ව තිබෙනවා.

ඝාතනයට සහාය දුන් කුලී ඝාතකයින් සහ අලුත විවාහ වූ යුවළ ද පැමිණ ඇත්තේ එකම නගරයක සිට බවයි හෙළි ව ඇත්තේ.

නීත්‍යනුකූල විවාහයට අකමැති වීම හේතුවෙන් සෝනම් රඝුවන්ෂි විසින් තමන් ආදරය කරන පෙම්වතා සමග දිවි ගෙවීමට ඇති කැමැත්ත හේතුවෙන් නීත්‍යනුකූල ස්වාමියාව මෙලෙස ඝාතනය කර තිබෙනවා.

මූලාශ්‍රය – NDTV

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
6
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?