පුද්ගලික පාසලක් වටලයි – නේවාසික සිසුන් සහ කාර්යමණ්ඩලය එම ස්ථානයේදීම නිරෝධායනයට

මහනුවර පුද්ගලික නේවාසික අධ්‍යාපන ආයතනයක් අද (03) පොලීසිය විසින් වටලා තිබේ. 

ඒ මහනුවර කටුගස්තොට අක්කර 5 ප්‍රදේශයේ පිහිටි ආයතනයකි.

එම අවස්ථාවේ එහි සිසුසිසුවියන් 50ක් පමණ අධ්‍යයන කටයුතුවල නිරතව සිට ඇත. 

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පොලීසිය සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී එහි සිටි සිසුවියකට මීට පෙර කොවිඩ් ආසාදනය වී තිබූ බවද අනාවරණ වී ඇත. 

ඒ අනුව සිසුන් සහ සේවකයින් දින 14ක් එම ස්ථානයේදීම නිරෝධායනයට යොමු කිරීමට පියවර ගැනුණි.

කටුගස්තොට පොලීසියට ලද තොරතුරක් මත වැටලීම සිදුකර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?