පාස්ටර් ජෙරොම් දිවයිනට පැමිණි පසු අත්අඩංගුවට (වීඩියෝ)

ආගමික සංහිදියාවට බාධා එල්ල වන ආකාරයේ ප්‍රකාශයක් සිදුකළ බවට චෝදනා එල්ල වී සිටින දේවගැති ජෙරොම් ප්‍රනාන්දු දිවයිනට පැමිණි පසු ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගැනීමේ හැකියාව පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසනවා.

අද (17) දිනයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළා.

දේවගැති ජෙරොම් ප්‍රනාන්දුට විදේශ ගතවීම වළක්වාලමින් අපරාධ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් වරණ නියෝගයක් ලබා ගත්තා.

කෙසේ වෙතත් ඔහු මේ වනවිටත් විදෙස් ගතව සිටින බවටයි තොරතුරු වාර්තා වන්නේ.

මේ අතර දේවගැති ජෙරොම් ප්‍රනාන්දුට එරෙහිව සිදුකරන විමර්ශනවලට කිසිඳු ආකාරයේ බලපෑමක් එල්ල වී නොමැති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
6
+1
0
+1
3
+1
1
+1
2
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?