පාස්කු විමර්ශනවලට දේශපාලන අතගැසීම් සිදුවනවා නම් එය වින්දිතයින්ට කරන අසාධාරණයක් – සිරිල් ගාමිණී පියතුමා

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට දේශපාලන අතගැසීම් සිදුවන්නේ නම්, එය පාස්කු වින්දිතයින්ට සිදුකරන බලවත් අසාධාරණයක් බව කොළඹ අගරදගුරු පදවියේ ජනසන්නිවේදක සහ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා පවසනවා.

අද (08) පෙරවරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් සිරිල් ගාමිණී පියතුමා මේ බව සඳහන් කළේ.

මෙහිදී අදහස් දක්වමින් පියතුමන් සඳහන් කර සිටියේ, රට තුළ පවතින ඇතැම් ක්‍රියාවලි හරහා පාස්කු ප්‍රහාරයේ විමර්ශනවල යම් බාධාවක් මතුවෙනු ඇතැයි සැකයක් පවතින බවයි.

කිසිම විදියකින් කිසිම දේශපාලන පක්ෂයක් හෝ දේශපාලකයෙක් හෝ මේ විමර්ශනවලට ඇඟිලිගහන්න ඕන නෑ. මේ රටේ නීත්‍යානුකුල විමර්ශන කණ්ඩායම් තියෙනවා. ඒ අය මේ ගැන විමර්ශන සිදුකරගෙන යනවා. එතකොට ඒ විමර්ශන කරගෙන යන්න ඒ යට අනිවාර්යෙන් පහසුකම් සැපයීම සහ නිදහසේ එම විමර්ශන කරගෙන යන්න උදව් කිරීම තමයි හැම කෙනෙකුගේමේ යුතුකම සහ වගකීම. ඒ නිසා එම විමර්ශනවලට කවුරුහරි බාධා කරනවා නම් ඒක වින්දිතයින්ට කරන අසාධාරණයක්.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
8
+1
5
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හෙල්මට් චණ්ඩි වත්තල හෝටලයකට ඇවිත් කඩුවකින් සෙල්ලම් දාලා ගිය හැටි
02:00
Video thumbnail
අධිකරණයට අත නොතබනු.. මහජන පෙත්සම අත්සන් කිරීම අරඹයි...
02:13
Video thumbnail
සජිත්ගෙන් සෞඛ්‍යය ඇමතිට සැර සත්තමක් - රෝහලේ වෛද්‍යවරයෙක් නෑ..රෝහල වැසී යන තැනට වැටිලා
05:44
Video thumbnail
බෙල්ලන්විල වෙ#ල්ලේ සැකකරුවන් දෙදෙනෙක් කොටුවෙයි - ජංගම දුරකථනයේ තිබී හඬ පටත් හමුවෙයි
01:48
Video thumbnail
පදමට බීලා තරුණියන් දෙදෙනෙකු අනතුරට ලක්කළ OIC අත්අඩංගුවට - මෝටර් රථයෙන් පලා යමින් ඉදලා
01:12
Video thumbnail
"කෙළින් හිටගන්නවත් බැරි තරම් බීපු පොලිස් පරීක්ෂවරයා, තරුණියන් දෙදෙනෙක් අනතුරට ලක්කර පැනලා ගිහින්"
00:55
Video thumbnail
නානා මේ... අරක මේක මට කියන්න එන්න එපා හරිද..? සඳුදා උසාවි යන්න බලාගෙන ඉන්න..
01:38
Video thumbnail
ෆ්‍රරයිඩ් රයිස් හදන්න බඩු ගේන්න ගිහින් යළි නොආ සිව්දරු මව "හිනාවෙලා අපේ හිනාවත් අරගෙන එයා ගියා"
03:54
Video thumbnail
නාමල් වෙනුවෙන් කාන්තාවෝ මහ ජන ගඟක් හෝමාගමට එයි - "අනාගත නායකයට..ජයවේවා !"
01:06
Video thumbnail
යුවතියෝ ජන ගඟක් පේලි ගැසෙමින් නාමල් රාජපක්ෂ බලන්න හෝමාගමට...
00:51