Fly high Get bonus Aviator Phone

ප්‍රදේශ රැසකට අද ගිගුරුම් සහිත වැසි

පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවයක් හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි තත්ත්වයේ වර්ධනයක් අද (21) සහ හෙට (22) යන දිනයන්හිදී අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ හේතුවෙන් මධ්‍යම, ඌව, උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ සබරගමුව පළාත්වල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව විසින් නිකුත්කළ නිවේදනයේ සඳහන්ය.

මෙම ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇත.

දිවයිනේ සෙසු ප්‍රදේශවල, විශේෂයෙන් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?