පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වය අඩු පීඩන කලාපයක් වෙයි – හෙට සිට මහ වැසි

දිවයින අශ්‍රිතව පවතින පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වය හෙට (25) දිනයේ දී අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වීමේ හැකියාව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ හේතුවෙන් දිවයින පුරා දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේ දී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර, උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

උතුරු සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවල මිලි මීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකියි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව ද දැනුම් දෙනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
19
+1
5
+1
8
+1
6
+1
4
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බන්ධනාගාර නිලධාරීන්ගේ ජීවිත නැතිවුණේ නිසි නායකත්වයක් නොතිබුණු නිසා
05:10
Video thumbnail
නියම සිංහල නායකයෙක් මේකේ පාලකයා වෙන්න ඕනි - එක මිටට දීලා හොඳටම කරගෙන තියෙන්නේ
07:46
Video thumbnail
"හාමුදුරුවරු නැගිට්ටොත් උඹලට යන්න තැන් නැතිවෙයි" - දේශපාලකයන්ට කට උත්තර නැති කළ සද්ධාතිස්ස හිමි
14:35
Video thumbnail
ගොවියා ඇවිත් ජනපති මන්දිරය වටකරන දවස වැඩි ඈතක නෑ - ගොවියා තමයි ඔයාලව විනාශ කරන්නේ
08:06
Video thumbnail
සජබ මන්ත්‍රීවරයෙක් ගිනි අවියක් සමඟ අත්අඩංගුවට - නිවසේ සිටියදී කොටුවෙලා
00:45
Video thumbnail
සැරයන් උපාලි කඹුරුපිටියම හඩවා නික්ම ගිය මොහොත - "අනේ අම්මේ නැගිටින්න කියන්නකෝ"
02:38
Video thumbnail
ජල ව්‍යාපෘතිය විවෘත කරන්න ආවේ රෙදි ඇඳගෙනද ?මෙයාලටත් ගෝඨාභයට වෙච්ච දේ වෙන්නේ
11:07
Video thumbnail
කත්නෝරුවේ හිමිගෙන් නාමල්ට ආශිර්වාද ලැබුණු මොහොත - හිනාවක් දාගෙන ලොකු කතාවක්
01:18
Video thumbnail
කත්නෝරුවේ හිමිගෙන් නාමල්ට ලැබුණු ආශිර්වාදය
00:59
Video thumbnail
අපේ රටට එල්නිනෝ එකක් එන්නේ නෑ ? - ඔක්කොම කුණු බෙංගාල බොක්කට කියලා එල්නිනෝ එකට දාන්න බෑ
08:26