පහර දුන්නාට අහිතක් නෑ – රාජිතගෙන් සැලියුට් එකක්

විරෝධතාකරුවන් අතරට පැමිණි සමඟි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නට ඊයේ (09) දිනයේ දී අනපේක්ෂිත ප්‍රහාරයකට මුහුණ දීමට සිදුවුණා.

එහිදී ඔහුගේ ආරක්ෂකයින් පියවර ගත්තේ රාජිත සේනාරත්නව විරෝධතාකරුවන් අතරින් ඉවත්කර ගැනීමටයි.

මේ අතර තමාට එල්ල වූ අනපේක්ෂිත ප්‍රහාරය සහ අරගලය සම්බන්ධයෙන් රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා ව්ශේෂ සටහනක් සිය ෆේස්බුක් ගිණුමට එක්කර තිබෙනවා.

එහි ඔහු සටහන් කර ඇත්තේ තමන්ට සිදුකළ පහරදීම හේතුවෙන් අරගලය පිළිබඳව තිබෙන ආකල්පය බිඳකින් හෝ වෙනස් වී නොමැති බවයි.

මන්ත්‍රීවරයා සිය ෆේස්බුක් ගිණුමට එක්කර තිබූ සම්පූර්ණ සටහන පහතින්.

යම් පුද්ගලයෙක් හෝ

යම් පිරිසක් විසින්,

මට සිදුකල පහරදීම නිසා, අරගලය ගැන

මගේ තිබෙන ආකල්පය බිඳකින් හෝ වෙනස් වෙන්නේ නැහැ…

මෙය ලංකා ඉතිහාසයේ සිදුවූ,

සුවිශේෂීම දේශපාලන අරගලයයි.

ඒකාධිපති

රාජපක්ෂ පවුල් පාලනය,

මැතිවරණයකින්

පරාජය කිරීමෙන්

අවසන් නොවන බව,

2015 – 2019 කාලයේදී

අපි දැක්කා…

ඒකාධිපති වියරුවක් තිබෙන,

මේ වගේ පවුල් පාලනයක් අවසන් කරන්න පුළුවන්කම තියෙන්නේ,

විශාල මහජන නැගිටීමකින් විතරයි..

ඒ ගැන,

ලෝක දේශපාලන ඉතිහාසයේ ඕනෑ තරම් උදාහරණ තිබෙනවා..

මිනිස්සු විවිධයි.. විෂමයි. ඔවුන්, කැමති අය..

අකමැති අය විවිධයි.

මට ප්‍රහාරය එල්ල කළ පුද්ගලයන්ගේ අරමුණ,

හොඳ රටක් නිර්මාණය කිරීමදැයි

මගේ සිත ප්‍රශ්න කරයි.

මා විසින් මිළ අඩුකළ, බෙහෙත් පෙත්තක් බීපු මිනිස්සු ඔවුන්..

මා විසින් නොමිලයේ දීමට තීරණය කළ,

ස්ටෙන්ට් වලින්

ජීවිත බේරාගත් දෙමාපියන්ගේ

දරුවන් ඔවුන්.

මා විසින් නොමිලයේ දීමට තීරණය කළ,

අක්ෂි කාචවලින්

පෙනීම ලැබූවන්ගේ නෑදැයන් ඔවුන්.

මම, කිසිවෙකුට

වෛර කරන්නේ නැහැ…

ශුද්ධ වූ අරගල කියා එකක් ලෝකයේ නැහැ..

ශුද්ධ වූ අරමුණු පමණයි ලෝකයේ තිබෙන්නේ..

ඒ ශුද්ධ වූ අරමුණු කරා යන ගමනේදී,

අපහාස විඳීමට.. පහරකෑමට..

ඝාතනයට ලක්වීමට වුවත්

ඉඩ තිබෙනවා..

නමුත් ඒ කිසිවක් අවසානයේදී වැදගත් වෙන්නේ නැහැ.

වැදගත් වෙන්නේ,

අරමුණ ඉෂ්ට වූවාද? අරගලය

ජයග්‍රහණය කළාද?

යන්න පමණයි.

අරගලයේ ජනතා සටන,

අපි දැන් ජයග්‍රහණය කර අවසන්.

බස්වල කෝච්චිවල එල්ලීගෙන,

හැතැප්ම ගණන් පා ගමනින් පැමිණ,

ඊට සහාය දුන් සියලු දෙනාට මම සුබපතන්න කැමතියි..

ඔබ සැමට, මාගේ ආචාරය! වෛද්‍ය රාජිත සේනාරත්න

https://youtu.be/krgu8qNFs-8


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56