පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරය හෙක්ටර් අප්පුහාමිට

පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි තේරී පත්ව තිබෙනවා.

ඒ එම කාරක සභාව ඊයේ (05) පළමුවරට පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීයි.

සභාපතිවරයාගේ නමපාර්ලිමේන්තු මන්ත්‍රී කිංස් නෙල්සන් යෝජනා කළ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ඥානමුත්තු ශ්‍රීනේසන් විසින් එය ස්ථිර කරනු ලැබුවා.

මෙහිදී අදහස් දැක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි, තමන්ව සභාපතිවරයා ලෙස තෝරාපත්කර ගැනීම පිළිබඳව ස්තූතිය පළකළ කර සිටියා.

ලෝක පරිසර දිනය යෙදී තිබූ ඊයේ (05) දිනයේ කාරක සභාවට අදහස් දැක්වූ සභාපතිවරයා ශ්‍රී ලංකාවේ පරිසර පද්ධතිය ආරක්ෂා කරගැනීම උදෙසා ජාත්‍යන්තර සහයෝගය ද ඇතිව ගත හැකි උපරිම ක්‍රියාමර්ග ගැනීමට අපේක්ෂා කරන බව පැවසුවා.

එමෙන්ම කෘෂිකර්මාන්තය තවදුරටත් නගාසිටුවීමට අදාළ යහපත් ක්‍රියාමාර්ග මෙම කාරක සභාව ඔස්සේ ගැනීමට බලාපොරොත්තු වන බවත්, ඒ වෙනුවෙන් සියලුම පාර්ශ්වවල සහාය අපේක්ෂා කරන බවත් පවසා සිටියා.

මෙම කාරක සභාව ඔස්සේ රට නිවැරදි දිශානතියක් කරා රැගෙන යාමට අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බවත් කාරක සභා සභාපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවා.

මෙම රැස්වීම සඳහා කාරක සභා සාමාජික මන්ත්‍රීවරයන් ඇතුළු පාර්ලිමේන්තු නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"ආහාරය සෞඛ්‍යාරක්ෂිත නැත්තම් දන්සල එම මොහොතෙම නවත්තනවා"දන්සල් PHI නිලධාරින් පරීක්ෂා කරයි
04:40
Video thumbnail
බැටරි බලශක්ති ගබඩා පද්ධති 6ක් කොළඹ වරායට ගෙනා අයුරු
01:39
Video thumbnail
බැටරි බලශක්ති ගබඩා පද්ධති 6ක් කොළඹ වරායට ගෙනා අයුරු..දවල්ට ගබඩා කරගෙන රෑට බෙදනවා
02:10
Video thumbnail
විද්‍යාර්ථ - මලියදේව අතර ගැටුම ගැන සියලු තොරතුරු එළියට.."වරින් වර නොමනා හැසිරීම් අපි දැක්කා"
10:34
Video thumbnail
"මේ පිඟන් දිගටම පාවිච්චි කරන්න එපා"ගලෙන්බිඳුණුවැවේ දන්සල් PHI නිලධාරින් ඇවිත් පරීක්ෂා කරයි
04:47
Video thumbnail
වෙසක් පෝය නිමිත්තෙන් බදුල්ලේ පැවැත්වූ විශාලම බත් දන්සල..දහස් ගණනින් ජනතාව පැමිණෙයි
01:53
Video thumbnail
රවින්ද්‍ර යසස් ආණ්ඩුව ගැන කිව්ව අමුතු සිංදුව..මිලියන 23 යයි වතුරේ..හුන්ඩුව ඇයි තනිකර දැමුවේ..
01:03
Video thumbnail
දුමින්ද, විජයපාල ඇතුළු SLFP කාන්තා පෙරමුණ සංවිධානය කල පිංකම් මාලාව
02:55
Video thumbnail
මිහින්තලේ හිමි ගැබිණි මාතාවන් හට ලබාදුන් දන්සල..ගැබිණි මාතාවන් සීයකට අධික පිරිසක් එයි
03:06
Video thumbnail
කඩුගන්නාවේ අපූරු බස් බත් දන්සල - නොමිලේ මගීන් රැගෙන යන ගමන් බස් එක ඇතුළෙම දන්සල්
02:53