spot_imgspot_img

නොදන්වා පැමිණි වෘත්තිය සමිති නියෝජිතයන් නිසා ජනපති ලේකම් කාර්යාලය අසල උණුසුම් තත්ත්වයක් (වීඩියෝ)

වෘත්තිකයන්ගේ වෘත්තිය සමිතියේ නියෝජිතයන් පිරිසක් අද ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුලු වීමට උත්සාහ කිරීම හේතුවෙන් උණුසුම් තත්ත්වයක් හටගත්තා.

පෙර දැනුම් දීමකින් තොරව ඔවුන් මෙලෙස සාකච්ඡාවක් ඉල්ලා පැමිණ තිබූ අතර පොලිසිය සහ හමුදාව එක්ව ඔවුන්ගේ ගමන නතර කිරීමටයි පියවර ගෙන තිබුණේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය මෙන්ම විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ඇතුලු පිරිසක් මෙලෙස ජනාධිපති කාර්යාලය වෙතට පැමිණ සිටියා.

පොලිසිය සහ හමුදාව එක්ව ඔවුන් නතර කිරීමෙන් පසු ජනාධිපතිවරයාගේ අතිරේක ලේකම්වරයෙකු පැමිණ වෘත්තිය සමිති නියෝජිතයන් පිරිස සමග සාකච්ඡා කර තිබුණා.

වෙනත් දිනයක් සාකච්ඡාව සඳහා ලබා දෙන බවට එම නිලධාරියා ප්‍රකාශ කළ ද එය ප්‍රතික්ෂේප කළ වෘත්තිය සමිති නියෝජිතයන් පිරිස අද දිනයේම සාකච්ඡාවක් ඉල්ලා සිටිය ද එම අවස්ථාව නොලැබීම හේතුවෙන් ඔවුන් විසිර ගොස් ඇත්තේ යළිත් පැමිණෙන බවට ප්‍රකාශ කරමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
6
+1
1
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?