නුවර-කොළඹ මාර්ගය යළි විවෘත කරයි

ඊයේ සවස සිට තාවකාලිකව වසා තබන ලද කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය අද අළුයම 06.00 සිට නැවත විවෘත කර තිබෙනවා.

නුවර- කොළඹ ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාව ප්‍රදේශයේ දී ඊයේ සවස මාර්ගයට පස් සහ ගල් පෙරළී තිබුණ බවට වාර්තාවුණා.

ඒ හේතුවෙන් කොළඹ නුවර මාර්ගය ඊයේ සවස සිට තාවකාලිකව ගනේතැන්න ප්‍රදේශයෙන් මාර්ගය වසා දැමීමට පියවර ගෙන තිබුණා.

අද උදෑසන තත්වය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව කොළඹ-නුවර මාර්ගය ගමනාගමනයට නැවත විවෘත කිරීමට තීරණය කර තිබෙනවා.