නීති විරෝධීව ගෙන්වූ වියළි ඉඟුරු කිලෝ 1100ක් නාවික හමුදාවට මාට්ටු

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය-තලවිල මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අද (13) දින සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියළි ඉඟුරු තොගයක් නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරුණා.

ඒ අනුව, වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය මඟින්, තලවිල මුහුදු ප්‍රදේශයේ සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුම මඟින්, එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ සැකකටයුතු උර 26ක් පරීක්‍ෂාවට ලක්කර තිබෙනවා.

එහිදී, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කර, නාවික හමුදා මෙහෙයුම් හමුවේ ජාවාරම් කරුවන් විසින් අතහැර දමා යන ලද බවට සැකකෙරෙන, එම උර තුල අසුරා තිබූ වියළි ඉඟුරු කිලෝ 1,189කට අධික තොගයක් මෙලෙස නාවික හමුදා භාරයට ගත් අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා කල්පිටිය පොලිස් ස්ථානය වෙත භාර දීමට නියමිතව තිබෙනවා.