spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නීතිඥවරියට පිහියෙන් ඇනපු සැකකරු රිමාන්ඩ්

රජයේ අධි නීතිඥවරියකගේ පිටට පිහියකින් පහරදී තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

පානදුර අතිරේක මහේස්ත්‍රාත්වරයායි අද මෙම නියෝගය ලබාදුන්නේ.

කොට්ටාව විද්‍යාල හන්දිය ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි සැකකරු පානදුර දකුණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

සැකකරු ඊයේ රාත්‍රී පානදුර ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි රජයේ අධිනීතිඥ වරියකගේ පිටට සහ අතකට පිහියකින් පහරදී තුවාල සිදු කර තිබුණා.

තුවාලකාරිය රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළේ.

මෙම පුද්ගලයා නීතිඥවරිය සමඟ කලක සිට ප්‍රේම සම්බන්ධයක් පවත්වා ගෙන ගොස් ඇති බව අනාවරණය වී තිබෙනවා.

ඇය මෑතකදී ඔහු මඟහැර සිටීම හේතුවෙන් ඊට කෝපයට පත්ව ඊයේ (23) සවස ඇය පානදුරදී දුම්රියෙන් බැස නිවස කරා යමින් සිටිය දී සැකකරු මෙම ප්‍රහාරය එල්ල කර ඇතැයි සඳහන්.

සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේ දී පානදුර දුම්රිය නැවතුම්පොළ ඉදිරිපිට රාජකාරි යෙදී සිටි පොලිස් රථවාහන අංශ නිලධාරියෙකු ද සුළු කැපුම් තුවාල ලබා තිබුණා.

සිද්ධියට අදාළ නඩුව ලබන 30 වනදා යළි කැඳවීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?