නීතිඥවරියට පිහියෙන් ඇනපු සැකකරු රිමාන්ඩ්

රජයේ අධි නීතිඥවරියකගේ පිටට පිහියකින් පහරදී තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

පානදුර අතිරේක මහේස්ත්‍රාත්වරයායි අද මෙම නියෝගය ලබාදුන්නේ.

කොට්ටාව විද්‍යාල හන්දිය ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි සැකකරු පානදුර දකුණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

සැකකරු ඊයේ රාත්‍රී පානදුර ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි රජයේ අධිනීතිඥ වරියකගේ පිටට සහ අතකට පිහියකින් පහරදී තුවාල සිදු කර තිබුණා.

තුවාලකාරිය රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළේ.

මෙම පුද්ගලයා නීතිඥවරිය සමඟ කලක සිට ප්‍රේම සම්බන්ධයක් පවත්වා ගෙන ගොස් ඇති බව අනාවරණය වී තිබෙනවා.

ඇය මෑතකදී ඔහු මඟහැර සිටීම හේතුවෙන් ඊට කෝපයට පත්ව ඊයේ (23) සවස ඇය පානදුරදී දුම්රියෙන් බැස නිවස කරා යමින් සිටිය දී සැකකරු මෙම ප්‍රහාරය එල්ල කර ඇතැයි සඳහන්.

සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේ දී පානදුර දුම්රිය නැවතුම්පොළ ඉදිරිපිට රාජකාරි යෙදී සිටි පොලිස් රථවාහන අංශ නිලධාරියෙකු ද සුළු කැපුම් තුවාල ලබා තිබුණා.

සිද්ධියට අදාළ නඩුව ලබන 30 වනදා යළි කැඳවීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
NPPයට ජනතා ආකර්ෂණය අඩු වෙලාද ?..මුළු ලංකාවම රත්‍ර වර්ණයෙන් බබළනවා
04:39
Video thumbnail
සහකාර අධ්‍යක්ෂකගේ මරණය ගැන තිස්සකුට්ටිගෙන් ප්‍රබල හෙළිදරව්වක්..සාක්ෂි යට ගහන්න කරපු කුමන්ත්‍රණයක් ?
04:22
Video thumbnail
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කළුතර ප්‍රා.කාර්යාලයේ ඇතිවූ හදිසි ගින්න
01:55
Video thumbnail
අභිරහසක් ඉතිරි කර පිළිස්සී එළොව ගිය වයෝවෘද්ධ කාන්තාව..
01:01
Video thumbnail
නාමල් ගිහින් හිටපු නගරාධිපති ජාලියෝට දුන්න සුපිරි Birthday Surprise එක..මචන් මටත් කේක් කෑල්ලක්
02:07
Video thumbnail
අවුරුදු උත්සවයට ගිය පිය පුතු ගමන රෝහලෙන් නතර වුණ හැටි..ත්‍රීවීල් එකක් දුම්රියක ගැටෙයි
01:05
Video thumbnail
රටේ ජාතික මූල්‍ය ආරක්ෂාව අනතුරේ..හිටිහැටියෙම මුදල් වාෂ්ප වෙන්න ඉඩ දෙන්න බෑ
08:06
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ සේවා පෙදෙසේ AC එකක්වත් වැඩ නෑ..මිනිස්සු හූරන් කන ආකාරයට මුදල් අය කරන්නේ
01:42
Video thumbnail
එළොව ගිය සහකාර අධ්‍යක්ෂකවරයා ගැන හර්ෂ සංවේදී වී කිව්ව දේ..සියලුම සාමාජිකයින්ට කම්පනයක් වුණා
00:57
Video thumbnail
"ඔව් දැවැන්ත හොරකමක් වෙලා තියෙනවා"අහිමිවුණ ඩොලර් මිලියන 2.5 ගැන හර්ෂගෙන් ප්‍රබල හෙළිදරව්වක්..
08:39