159 වෙනි පොලිස් දිනයට සමගාමීව කොළඹ 02 ප්‍රදේශයේ නව පොලිස් මූලස්ථාන ගොඩනැගිල්ල අද පෙරවරුවේ විවෘත කෙරුණා.
අමාත්‍ය ආනන්ද විජේපාල සහ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සහ පොලිස්පතිතුමන්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම උත්සවයට මහජන ආරක්ෂක ලේකම් රවි සෙනෙවිරත්න, පොලිස් උසස් නිලධාරීන් රැසක් එක් වුණා.
හමුදා උත්තමාචාර පැවතීමෙන් අනතුරුව අමාත්‍යවරුන් විසින් නව පොලිස් මූලස්ථාන ගොඩනැගිල්ලේ සමරු පලකය ද විවෘත කළා.
එකසිය පනස් නමවෙනි පොලිස් දින සැමරුමට සමගාමීව මේ දිනවල වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කළ බව පොලිසිය පවසනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
+1
16
+1
1
+1
+1
3
+1





