නවසීලන්තයේ ඡන්ද විමසීම් දැන් අවසන් වී ඇති අතර, කිසිදු පාර්ශ්වයකට බහුතරයක් නොලැබෙන වාතාවරණයක් ඇතිවිය හැකි බවට විදෙස් මාධ්‍ය වාර්තාකරනවා.
කෙසේ වෙතත් අගමැති ක්‍රිස්ටෝපර් ලක්සන් සහ ඔහුගේ ජාතික නායකත්වයෙන් යුත් සන්ධානය දෙවන වාරයක් අපේක්ෂාවෙන් පසුවෙනවා.
ඔහුගේ ප්‍රධාන අභියෝගකරු වන්නේ මධ්‍යම-වාම කම්කරු පක්ෂයේ නායක ක්‍රිස් හිප්කින්ස් ය
ප්‍රතිඵල ඉදිරි පැය කිහිපය තුළ නිකුත්කිරීමට පටන් ගන්නා නමුත් මෙම මස අග වන තෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් නොකරයි.
ණන් කිරීම සහ සත්‍යාපනය කිරීමෙන් පසු, නිල ප්‍රතිඵල නොවැම්බර් 27 වන දින මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත් කරනු ලබනවා.
මිශ්‍ර – සමානුපාතික ලෙස හැඳින්වෙන එරටේ ඡන්ද ක්‍රමය ද බොහෝ විට සන්ධාන රජයන් බිහිවීමට හේතුවුණා.
2023 දී, පැවැති මැතිවරණයේදී කිසිදු පාර්ශ්වයකට පැහැදිලි බහුතරයක් නොලැබුණු අතර, අගමැති ක්‍රිස්ටෝපර් ලක්සන් සහ ඔහුගේ ජාතික නායකත්වයෙන් යුත් සන්ධානය පිහිටුවාගැනීමට එකඟතාවයකට පැමිණිමට දින 41 ක් ගත වුණා.
පූර්ව මැතිවරණ මත විමසුම් මත පදනම්ව, මෙම තරඟයේ පැහැදිලි බහුතරයක් ලබාගැනීමට නොමැති බවයි වැඩිදුරටත් වාර්තාවන්නේ.
