spot_imgspot_img

දෙමහල් ගොඩනැගිල්ලකින් වැටී පිළිකා රෝගියා මරුට

නිට්ටඹුව දෙබහැර ප්‍රදේශයේදී දෙමහල් ගොඩනැගිල්ලකින් ඇද වැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

ඊයේ දහවල් මෙලෙස මියගොස් ඇත්තේ දෙබහැර මැටිහක්කවත්ත ප්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහු වසර දෙකක පමණ කාලයක සිට පිළිකා රෝගයෙන් පෙළෙන අයෙක් බවට අනාවරණ වී තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ ඔහු අධික ලෙස මත්පැන් පානය කර සිට ඇති බවටයි පොලිසිය සඳහන් කළේ.

මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා වතුපිටිවල රෝහලේ තැන්පත් කර තිබෙනවා.

නිට්ටඹුව පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශණ සිදු කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?