දෙදරු මව දූෂණයකර සිරුරට ගිනි තියලා – සැකකරු පළා ගිහින්

දරුවන් දෙදෙනෙකුගේ මවක් දූෂණය කිරීමෙන් අනතුරුව පහර දී ඇයගේ සිරුරට ගිනි තැබූ පුවතක් ඉන්දියාවේ රාජස්ථානයේ බාර්මර් දිස්ත්‍රික්කයෙන් වාර්තා වනවා.

පසුගිය බ්‍රහස්පතින්දා මෙම සිදුවීම සිදුව ඇති අතර, මෙම කාන්තාව තනිව සිටින අවස්ථාවක නිවසට බලහත්කාරයෙන් ඇතුළු වූ පුද්ගලයෙක් ඇයව දූෂණය කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

අනතුරුව කාන්තාවට පහර දී ඇයගේ ශරීරයට ගිනිතබා ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

කාන්තාවගේ කෑගැසීම ඇසී අසල්වාසීන් එම ස්ථානයට රැස් වූ අවස්ථාවේ දී සැකකරු කාන්තාවට ගිනි තබා එම ස්ථානයෙන් පලා ගොස් ඇති බවයි හෙළිව ඇත්තේ.

පිළිස්සුම් තුවාල ලැබූ කාන්තාව බල්මෝරා හි රජයේ රෝහලකට ඇතුළත් කර ඇති අතර, පසුව ඇය ජෝද්පූර්හි උසස් වෛද්‍ය ආයතනයකට වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබෙනවා.

පොලිසිය පැවසුවේ සිද්ධියට සම්බන්ධ සැකකරු ෂකුර් ඛාන් නමැති අයෙකු බවට හඳුනාගෙන ඇති අතර, ඔහු මේ වනවිට සැඟව සිටින බවයි වාර්තා වන්නේ.

සැකකරු, කාන්තාව පදිංචිව සිටි ප්‍රදේශයේ ම අයෙක් බවට ද තොරතුරු වාර්තා වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?