ඉදිරියේ දී පොලිස් නිලධාරීන්ගේ උසස්වීම් ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම වෙනස්වන බව පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය පවසනවා.
හුදෙක් ජ්‍යෙෂ්ඨත්වය පමණක් නොසලකා, නිලධාරීන්ගේ කුසලතා සහ තරගකාරී විභාගවලටත් අවස්ථාව සලසා දෙමින් නිලධාරීන්ගේ උසස්වීම් පිරිනමන බවයි පොලිස්පතිවරයා සඳහන් කළේ.
දිවුලපිටිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපති නිල නිවස විවෘත කිරීමේ අවස්ථාවට අද (10) දිනයේ එක් වෙමින් පොලිස්පතිවරයා මේ බව පැවසුවා.
පොලිස් නිලධාරීන් සෑම විටම අතිශය විනයගරුකව හැසිරිය යුතු බව අවධාරණය කළ පොලිස්පතිවරයා, මත්ද්‍රව්‍ය චෝදනා ඇතුළු විවිධ දූෂණ හා අපරාධවලට සම්බන්ධවන නිලධාරීන්ට එරෙහිව තරාතිරම නොබලා දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර සිටියා.
