දූෂණ චෝදනාවලට ලක්වී සිටින බව කියන ඇමතිවරුන්ගේ ලැයිස්තුවක් මන්ත්‍රී නීතිඥ අජිත් පී. පෙරේරා පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කළා.
2027 වර්ෂයේ අය වැය යෝජනාව පිළිබඳ විවාදයට සහභාගිවී අදහස් දක්වන අතර, මන්ත්‍රීවරයා විසින් මෙම ලෑයිස්තුව ඉදිරිපත් කර තිබෙනවා.
ඒ අනුව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක, කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත හා ආහාර සුරක්ෂිතතා හා පාරිභෝගික කටයුතු අමාත්‍ය වසන්ත සමරසිංහ සහ හිටපු විදුලිබල අමාත්‍ය කුමාර කොඩි යන අයට මේ චෝදනා එල්ල වී තිබෙන බව අජිත් පී. පෙරේරා ප්‍රකාශ කරනවා.
කථානායකවරයා මුලසුනේ සිටින හෙයින් තමා මේ අවස්ථාවේදී ඔහු ගැන කතා නොකරන බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.
මේ අතර අලුත් විශ්ව විද්‍යාල පනහ සෑදීමට මෙවර අයවැයෙන් එක සත පහක් හෝ වෙන්කර නැතැයි අජිත් පී පෙරේරා චෝදනා කර තිබෙනවා.
එසේම අලුත් වැව් හාරසිය පනහ ඉදි කිරීමටද මුදල් වෙන් කර නැතිබව ඔහු සඳහන් කළා.
අජිත් පී පෙරේරා කන්ටේනර් සිද්ධිය ගැන කතා කිරීමේදී බිමල් රත්නායක අමාත්‍යවරයා විසින් ඔහුට චෝදනා කිරීමෙන් සභාවේ උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.
