ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් ඉදිරි පැය 24 දක්වා වලංගු වන පරිදි දිස්ත්‍රික්ක කිහිපයකට අදාළ වන පරිදි නායයෑම් පිළිබඳව, අදියර 1: විමසිලිමත්ව සිටින ලෙස දැනුම්දෙමින් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
අද (27) දින පස්වරු 04.00ට නිකුත් කරනු ලැබූ එම අනතුරු ඇඟවීමේ නිවේදනයේ ඉදිරි පැය 24 දක්වා වලංගු වන බවයි, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසන්නේ.
ඒ අනුව, බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල සහ පස්සර ප්‍රාදේශීය ප්‍රාදේශීය ලේකම් කාර්යාල අවට ප්‍රදේශ සඳහාත්, කළුතර දිස්ත්‍රික්කයේ පැලින්දනුවර සහ බුලත්සිංහල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහාත්, මහනුවර දිස්ත්‍රික්කයේ ගංගා ඉහළ කෝරළය, උඩදුම්බර, දොළුව, උඩපළාත, හතරලියද්ද, තුම්පනේ, යටිනුවර, උඩුනුවර ප් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහාත්, කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල, බුලත්කොහුපිටිය, මාවනැල්ල, අරණායක, රඹුක්කන,ගලිගමුව, දෙහිඕවිට, කෑගල්ල සහ යටියන්තොට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහාත්, මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහාත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ, නෝර්වුඩ්, කොත්මලේ නැගෙනහිර, නිල්දණ්ඩාහින්න, අඹගමුව කෝරළය, තලවකැලේ සහ කොත්මලේ බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහාත්, රත්නපුර දිස්ත්‍රිකයේ කුරුවිට සහ කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහාත් අදාළ වන පරිදි මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබෙනවා.
එම නිවේදනයෙහි ඇතුලත් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ තුළ පිහිටි බෑවුම් කඩා වැටිම්, ගල් පෙරලිම්, පොළව ගිලා බැසිම් හා පස් කණ්ඩි කඩා වැටිම්,අනතුරුදායක ප්‍රදේශ හරහා ගමන් කරන්නන් ඒ සම්බන්ධයෙන් අවධානයෙන් සිට අවශ්‍ය වුවහොත් ආරක්ෂාකාරී ස්ථානයකට යාමට සූදානම් වන ලෙසත් ඇතිවිය හැකි ආපදා තත්ත්වයන්ගෙන් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි මෙහෙයුම් මැදිරිය, 117 ඇමතුම් මැදිරිය සහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකයන් ජනතාවට සහායවීම සඳහා 24×7 ක්‍රියාත්මකව ඇති බවත් නිවේදනයේ සඳහන්.










