දිවයින පුරා පෞද්ගලික බස් ධාවනය නතරවන ලකුණු

රට තුල මේවන විට දැඩි ඉන්ධන හිඟයක් පවතින අර්බුදය හමුවේ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය අනතුරු අඟවීමක් සිදුකර තිබෙනවා. ඉදිරියේදී ප්‍රමාණවත් ලෙස ඩීසල් නො ලැබුන හොත් අනිද්දා සිට දිවයින පුරා පෞද්ගලික බස් ධාවනය සම්පූර්ණයෙන්ම නතර කරන බවයි ඔවුන් පවසන්නේ.

ඩීසල් නොමැති වීම හේතුවෙන් අද දිනයේත් ධාවනය කෙරෙන්නේ සමස්ත පෞද්ගලික බස් රථ සංඛ්‍යාවෙන් සියයට 20ක් බව යි ගැමුණු විජේරත්න කියා සිටියේ. පවතින තත්ත්වය හමුවේ ලංගම ඩිපෝ මගින් පෞද්ගලික බස් රථ සඳහා ඩීසල් ලබා දීමද මේ වනවිට අත්හිටුවා ඇති බව ඔහු ප්‍රකාශ කළා.පාසල් සිසුන් ප්‍රවාහනය සඳහා අද සිට විශේෂ බස් රථ සේවාවක් ආරම්භ කිරීමට බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පියවර ගෙන තිබෙන අතර කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්වල ඉගෙනුම ලබන පාසල් සිසුන් පමණක් ප්‍රවාහනය සඳහා පෞද්ගලික බස් රථ යොදා ගෙන ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?