Rajapura Handi Oil
Rajapura Diabetic Powder

දියවැඩියා රෝගීන් වෙනුවෙන් ඉන්සියුලින් වයල් 2,700,000ක් මිලදී ගන්න අනුමැතිය

දියවැඩියා රෝගීන්ගේ ප්‍රතිකාර කටයුතු සඳහා භාවිත කරනු ලබන බයිපසික් අයිසොෆේන් ඉන්සියුලින් (Biphasic Isophane Insulin) එන්නත් වයල් 2,700,000ක් සපයා ගැනීම සඳහා වන ප්‍රසම්පාදනය ඉන්දියානු සමාගමකට පිරිනැමීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවට අනුව මිලිලීටර 10 ප්‍රමාණයේ (1,000 IU – 30% ද්‍රාව්‍ය, 70% අයිසොෆේන්) ඉන්සියුලින් එන්නත් වයල් තොගයක් මෙලෙස මිලදී ගැනීමට නියමිතයි.

ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය අනුගමනය කරමින් මේ සඳහා ලංසු කැඳවා ඇති අතර ඊට ලංසු 02ක් ලැබී තිබෙනවා.

එකී ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ලබා දී ඇති නිර්දේශය මත පදනම්ව සාරානුකූල ප්‍රතිචාරාත්මක එකම ලංසුකරු වන ඉන්දියාවේ M.J. Biopharm Private Limited සමාගම වෙත පිරිවැය හා ගැල් කුලී මිල ඇතුළත්ව ඇමෙරිකානු ඩොලර් මිලියන 4.293ක මුදලකට අදාළ ප්‍රසම්පාදනය පිරිනැමීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බවට වාර්තාවෙනවා.