දැඳුරු ඔයේ දිය නෑමට ගිය සිව්දරු පියෙක් දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව හලාවත පොලීසිය සදහන් කරනවා.
මෙම පුද්ගලයා ඊයේ (02) පස්වරුවේ මෙලෙස දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
මෙලෙස මියගොස් ඇති පුද්ගලයා මාදම්පේ පැරණි නගරයේ පදිංචිකරුවෙකුවන අතර, ඔහු 42 හැවිරිදි වියේ පසුවන්නෙක්.
මීගමුව ප්‍රදේශයේ පදිංචි ඥාතීන් පිරිසක් සමඟ මෙම පුද්ගලයා දැඳුරුඔය ආසන්නයේ විනෝද වී ඇති අතර, පසුව දිය නෑමට ගිය අවස්ථාවේ දී මෙම අනතුරට මුහුණ පා තිබෙනවා.
දියේ ගිලී අනතුරට පත්වූ පුද්ගලයා දියෙන් ගොඩගෙන හලාවත මහා රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කළත් ඒ වනවිට ඔහු මියගොස් සිටි බවයි වාර්තා වුණේ.
මෘත ශරීරය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබුණා.



