දරුවන් 60 දෙනෙකුගේ පියෙක් සොයා ඕස්ට්‍රේලියානු ආරක්ෂක අංශ විමර්ශන අරඹයි

ව්‍යාජ අනන්‍යතාවයන් භාවිත කරමින් ශුක්‍රාණු පරිත්‍යාග කළ පුද්ගලයෙක් දරුවන් 60 දෙනකුගේ පියෙක් බවට අනවරණය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඕස්ට්‍රේලියානු ජාතිකයෙක් මෙලෙස ව්‍යාජ අනන්‍යතාවන් හතරක් යොදාගනිමින් ශුක්‍රාණු පරිත්‍යාග කර ඇති බවයි වාර්තා වන්නේ.

ඕස්ට්‍රේලියානු සමරිසි ප්‍රජාව දෙමාපියන් වීමේ සතුට වෙනුවෙන් සංවිධානය කර තිබූ උත්සවයක් අතර තුර මේ පිළිබඳව අනාවරණය වී ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් තොරතුරු වාර්තා කරන්නේ.

එම උත්සවය සඳහා කැඳවාගෙන පැමිණි ඔවුන්ගේ දරුවන් බොහෝ දෙනෙකුගේ දේහ ලක්ෂණ එක හා සමාන බවට සමරිසි දෙමාපියන්ට නිරීක්ෂණය වී තිබෙනවා.

පසුව ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ඕස්ට්‍රේලියාවේ ශුක්‍රාණු බැංකුවලින් එම දෙමාපියන් විමසීමක් කර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී එකම පුද්ගලක් විසින් ව්‍යාජ නම් හා තොරතුරු භාවිත කරමින් නිල හා නිල නොවන ආකාරයෙන් ඕස්ට්‍රේලියාවේ ශුක්‍රාණු බැංකු වෙත ශුක්‍රාණු පරිත්‍යාග කර ඇති බවට අනවරණය වී තිබෙනවා.

එලෙස ශුක්‍රාණු පරිත්‍යාග කිරීම වෙනුවෙන් ඔහු ත්‍යාග සහ මිල මුදල් ද ලබාගෙන ඇති බවයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

එලෙස ව්‍යාජ නම් හා තොරතුරු භාවිත කරමින් ශුක්‍රාණු පරිත්‍යාග කළ පුද්ගලයා සොයා ඕස්ට්‍රේලියානු ආරක්ෂක අංශ විමර්ශන ආරම්භ කර ඇති අතර මෙම පුද්ගලයාගේ අනන්‍යතාවය තවමත් හෙළිකර ගැනීමට හැකිව නැහැ.

එක්සත් රාජධානියේ මෙන් ඔස්ට්‍රේලියාවේ ද මිනිස් ශුක්‍රාණු සඳහා ගෙවීමට හෝ තෑගිදීම අපරාධමය වරදක් වන අතර, එම වරදට වසර 15ක් දක්වා සිරදඬුවමක් පැනවීමේ හැකියාව පවතිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25
Video thumbnail
නංගිව පෙන්නලා ආච්චිව දෙන්නයි යන්නේ..ආච්චි භයානකයි..රනිල් කවුද? අනිල් කවුද?
02:37
Video thumbnail
හිමි නමක් කොට්ටහච්චිට දෙසයි - පාස්පෝට් එකක් අරගෙන ගිහින් උගන්ඩාවේ සල්ලි අරන් එන්ඩ...?
03:21
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22