දකුණු කොරියාවේ ග්යොංජි පළාතේ හ්වාසොං හි සිදුවූ රිය අනතුරකින් එරට සේවය කරමින් සිටි ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.
නොවැම්බර් 26 වනදා රාත්‍රියේ හ්වාසොං හි ජංගන්-මියොන් ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.
රැකියාව නිම වී නේවාසිකාගාරය වෙත පාගමනින් ආපසු යමින් සිටි මෙම ශ්‍රී ලාංකිකයින් දෙදෙනා භාණ්ඩ ප්‍රවාහන ට්‍රක් රථයක පිටතට නෙරා තිබූ භාණ්ඩවල ගැටීමෙන් මියගොස් ඇති බවයි වාර්තා වුණේ.
එම කොටස ලාංකිකයන් දෙදෙනාගේ හිස සහ උදර ප්‍රදේශයේ වැදීමෙන් බරපතළ තුවාල ලබා ඇති අතර, ප්‍රතිකාර සඳහා රෝහල් ගත කිරීමෙන් අනතුරුව ඔවුන් මියගොස් තිබෙනවා.
වෘත්තීය නොසැලකිල්ල හේතුවෙන් මරණය සිදුකිරීමේ චෝදනා මත සැකකාර ට්‍රක් රථ රියදුරාට එරෙහිව දකුණු කොරියාවේ රථවාහන අනතුරු පිළිබඳ විශේෂ නඩු පනත යටතේ නඩු පවරා ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරට ලක්වූ ශ්‍රී ලාංකිකයන් දෙදෙනාගේ අනන්‍යතාව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ඩෑෂ්කැම් දර්ශන ඇතුළු සාක්ෂි විශ්ලේෂණය කරමින් කොරියානු පොලිසිය ඉදිරි විමර්ශන සිදුකරනු ලබනවා.
