තවත් කාලයක් වත්මන් ජනපතිට රට භාරදිය යුතුයි

ආර්ථික වශයෙන් වැටී තිබූ රට නැවතත් සංවර්ධනය කරා ගෙන යමින් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තවත් වසර කිහිපයක් රටේ නායකත්වය භාර දීම වඩාත් ඵලදායක වනු ඇති බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම පවසනවා.

මහනුවරදී අද මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මේ වසරේ පළමු මාස කිහිපය අවසන් වූ පසු ජනතාවට බලපෑම් එල්ල කර ඇති ආර්ථික පීඩනය අවසන් වනු ඇති බවයි.

මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා,

වෙන අය මත ප්‍රකාශ කළත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා තවමත් සෘජු ප්‍රකාශයක් කරලා නෑ එතුමා ජනාධිපතිවරණයට එනවා කියලා. එතුමා ඒ ප්‍රකාශය කළ පසුව එතුමාට සහය දෙනවාද නැද්ද කියලා අපි තීරණය කරනවා. අද මේ රටේ පාර්ලිමේන්තුවේ අය කැමරාවලට පේන්න කෑ ගහනවා මිසක කිසි කෙනෙකුගේ රට ගොඩ ගැනීමේ වැඩසටහනක් තියෙනවද. එහෙම තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා අපි කියනවා. චමින්ද විජේසිරි පාර්ලිමේන්තුවේ ඉන්න බෑ කියලා අස් උනාට අපි හරියටම දන්නේ නෑ එයාට මොකද වුනේ කියලා. අපි හිතන විදියට මේ යන විදියටම තව ටික කාලයක් රනිල් වික්‍රමසිංහ මහතාටම මේ විදියට රට කරගෙන යන්න ඉඩ දුන්නොත් රට ගොඩ යයි කියන විශ්වාසය අපිට තියෙනවා. දැන් අපේ රට නැගිටිමින් පවතිනවා. හැමදේටම කෑගහන්නේ නැතුව හොඳ දේට සහය දෙන්න කියලා අපි ඉල්ලනවා. අපේ ජනාධිපති අපේක්ෂකයා අකුරු තුනේ කෙනෙක් කියලා විවිධ අය මත ප්‍රකාශ කළා. දැන් ඉතින් ජනාධිපති අපේක්ෂකයෝ වැඩි දෙනෙක් අකුරු තුනේ අය නිසා අකුරු තුනේ අපේක්ෂකයා කවුද කියලා ළගදිම දැනගන්න පුළුවන් වේවි. ඒ සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා පැවැත්වෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උපන්දින දාම අවසන් ගමන් ගිය තරුණයා, මව රෝහල දෙවනත් කරයි
00:31
Video thumbnail
විදුලි සැර වැ# සේවකයෙක් මි#යාමේ සිද්ධිය ගැන ප්‍රබල හෙළිදරව්වක් - නුපුහුණු සේවකයෝ හිටියේ එතන
04:18
Video thumbnail
අගමැතිතුමියගෙන් සුපිරි කතාවක්
09:45
Video thumbnail
පැත්තක හිටපු නාමල් අත්අඩංගුවට ගත්තා..මෙහෙම තමයි නීතිය නවන්නේ
08:43
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:16
Video thumbnail
අද නාමල්ට තිබ්බ අත හෙට ඔබට තියන්නේ පුළුවන් - නාමල් කෙඳිරි ගාන්නේ නෑ
11:19
Video thumbnail
ඩීවී චානක ආණ්ඩුවට රිදෙන්නම දෙයි - ජයකොඩි, අනුර, මාලිමාව ඉන්නේ නීතියට උඩින්
08:31
Video thumbnail
ලෝක ජනාවාස දිනයේ රට පුරා නිවාස 5000ක් ජනතා අයිතියට
01:18
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29