තලෙයිමන්නාරම දී ඝාතනයට ලක් වූ දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකෙරේ (ඡායාරූප)

තලෙයිමන්නාරම, ඌර්මානෙයි ප්‍රදේශයේ දී ඝාතනයට ලක් වූ වයස අවුරුදු 10ක දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (17) යාපනය රෝහලේ දී සිදුකර තිබෙනවා.

එම පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණ වී ඇත්තේ අදාළ දැරිය මියගොස් ඇත්තේ ගෙළ සිරකර ඝාතනය කිරීමෙන් බවයි.

එමෙන්ම ඇය දූෂණයට ලක් කර ඇති බවට ද එම පරීක්ෂණයේ දී අනාවරණය වී තිබෙනවා.

මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට ගත් අතර, ඔහුගෙන් පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට පොලිසියට අවසර ලබාදෙනු ලැබුවා.

මෙලෙස සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ දැරියගේ නිවස අසල පොල්වත්තක සේවය කළ ත්‍රිකුණාමලය – කුච්චවාවි ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙක්.

පසුගිය බ්‍රහස්පතින්දා පස්වරුවේ සිට දැරිය අතුරුදන්ව ඇති බවට පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණා.

,ඒ අනුව සිදුකළ මෙහෙයුම්වල දී ඊයේ (16) පෙරවරුවේ පොල්වත්තේ තිබී දැරියගේ මළ සිරුර සොයාගනු ලැබුවා.

IMG 20240217 WA0027 1
IMG 20240217 WA0024
IMG 20240217 WA0028 1
IMG 20240217 WA0026


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අත්පත් කරගත් ආර්ථික ජයග්‍රහණ ගමට තල්ලු කළ යුතුයි - බිඳ වැටුණු ව්‍යාපෘති විශාල අවුල් ජාලාවක්
09:56
Video thumbnail
අද පැවිදි වෙන අයට වඩා සිවුර අරින අය වැඩියි - උදාර වැඩපිළිවෙලක් කිරීම රජයේ ඉතාම කාලෝචිත ක්‍රියාවක්
07:19
Video thumbnail
22 ගැන කට ඇරපු ක්‍රීඩා ඇමති - එක කණ්ඩායමකගේ අතේ තියෙන දේපළ වෙලා
04:23
Video thumbnail
හිටපු පාලකයින් හිටවපු ගස් කපලා අලුත් ගස් හිටවන දඹුල්ලේ නගරාධිපති - ප්‍රජාව අපිට චෝදනා කළා
02:05
Video thumbnail
22 වන සංශෝධනයට එරෙහිව ලිබර්ටි වට රවුමේ විරෝධතාවක් - ආණ්ඩුව ජනවරමට පටහැනිව ක්‍රියා කරන්නේ
03:09
Video thumbnail
මේක ජනතාවගේ ආණ්ඩුවක් - අපේ පෞද්ගලික ආණ්ඩුවක් නෙවෙයි..ඔවුන්ගේ පන්නයේ මැති ඇමතිලා නෙවෙයි මේ
03:23
Video thumbnail
රාත්‍රී තැපැල් දුම්රිය කිහිපයක්ම අවලංගු කරයි - මගීන් අමාරුවේ දාන්නේ රාජ්‍ය නිලධාරින්
04:46
Video thumbnail
අපේ දෑත් පිරිසිදුයි, අපේ හදවත පිරිසිදුයි
00:25
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි
01:02
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි.. කොහේ ගියත් වැඩක් නෑ
01:06