තමිල්නාඩුවේ නව මහ ඇමති තලපති විජේට නාමල්ගෙන් සුබපැතුම්

තමිල්නාඩු ප්‍රාන්ත මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් හිමිකරගත් සුපිරි ඉන්දීය නළු තලපති විජේට, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සිය සුබපැතුම් එක්කර තිබෙනවා.

මන්ත්‍රීවරයා සිය නිල එක්ස් ගිණුමේ සටහනක් තබමිනුයි මෙලෙස සුබපැතුම් එක්කර ඇත්තේ.

සැබෑ කාර්යය දැන් ආරම්භ වන බවත්, ඉදිරියේ දී ඇති අභියෝග ජයගැනීමට සහ ජනතාවට අර්ථවත් ප්‍රතිලාභ ලබාදීමට තමිල්නාඩුවේ නව ප්‍රධාන අමාත්‍යවරයාට සහ ඔහුගේ කණ්ඩායමට ශක්තිය සහ අධිෂ්ඨානය ලැබේවායි තමන් ප්‍රර්ථනා කරන බවයි නාමල් මන්ත්‍රීවරයා එහි දක්වා ඇත්තේ.

එමෙන්ම ජාතීන් දෙකෙහිම ජනතාවට බලපාන කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමඟ ශක්තිමත් සහ වඩාත් ධනාත්මක සම්බන්ධතාවයක් බලාපොරොත්තු වන බවත් නාමල් රාජපක්ෂ තැබූ එක්ස් සටහනේ වැඩිදුරටත් සඳහන්.

තමිල්නාඩු ප්‍රාන්ත මහ මැතිවරණයෙන් ආසන 108ක් ජයග්‍රහණය කරමින් බහුතර බලය හිමිකරගත් තලපති විජේගේ තමිලග වෙට්ට්‍රි කලගම් (TVK) පක්ෂ දැවැන්ත ජයක් හිමිකර ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
20
+1
2
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාඨලීගේ මගඩි සේරම එළියට ? ප්‍රමිතියෙන් බාල ගල් අඟුරු සැපයීම නිසා CEB එකේ පාඩුවක් වෙලා
07:47
Video thumbnail
ලොකු වාහන හිඟයක් ? රුපියල අවප්‍රමාණය වීමෙන් ජීවිතයට කොච්චර බලපෑමක් වෙයිද ?
08:09
Video thumbnail
වැස්සේ අස්සේ ත්‍රීවීල් එකක හටගත් හදිසි ගින්න
00:51
Video thumbnail
සරුවට වැඩුණු ලක්ෂ විස්සකට අධික ගංජා අළු කළ හැටි
01:02
Video thumbnail
සැවොම බිය ගැන්වූ වනවාසල දුම්රිය පීලි පැනීම
00:47
Video thumbnail
සූරපප්පලා මොකක්ද මේ කරන්න යන්නේ ? ලෝකයේ 1000kmph වගේ දුම්රිය ගමන් කරනවා
04:36
Video thumbnail
අන්තරේ සෙට් එක මල්වානේ උයාගෙන කාලා සැපට ඉන්න හැටි..වීඩියෝ සේරම එළියට
02:46
Video thumbnail
ආනයනය කරන හැම වාහනයකටම 50%ක රේගු අධිභාරයක්..මනුස්සයෙක්ට දරන්න බැරි තරම් ගණන් යනවා
08:03
Video thumbnail
"ගමන් ආරම්භ කරපු සැණින් පීලි පැනලා" වනවාසල දී පීලී පැන්න දුම්රිය ගැන ප්‍රබල හෙළිදරව්වක්
06:36
Video thumbnail
ඇමති හදුන්නෙත්තිගේ ඉල්ලීමට අකුරැස්ස රෝහලට පෞද්ගලික පරිත්‍යාග රැසක්.."මෙට්ට ඔක්කොම අයින් කරන්න වෙයි"
04:34