ඩොලර් 5830ක් පාඩු කළායැයි ෆොස්පේට් සමාගමේ හිටපු නිලධාරියෙකු අත්අඩංගුවට

ලංකා ෆොස්පේට් සමාගමේ හිටපු සැපයුම් නිලධාරියෙකු දූෂණ චෝදනා මත අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලංකා ෆොස්පේට් සමාගම විසින් 2017 වර්ෂයේ දී TGM 160 මිල් යන්ත්‍රයක අමතර කොටස් ආනයනය කිරීමේදී ඇමෙරිකානු ඩොලර් 5830 ක පාඩුවක් සිදු කරමින් දූෂණය නැමැති වරද සිදු කිරීමේ චෝදනාව මොහුව අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බවයි එම කොමිසම නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, ලංකා ෆොස්පේට් සමාගමේ හිටපු සැපයුම් නිලධාරියෙකු වන රත්නායක මුදියන්සේලාගේ මද්දුම බණ්ඩාර නම් පුද්ගලයෙක් .