ඩිජිටල්කරණයට ප්‍රවේශ වීමට රටේ සෑම පුද්ගලයෙකුට ම අවකාශ තිබිය යුතුයි

රටේ සිදුවෙමින් පවතින ඩිජිටල්කරණයට ප්‍රවේශ වීමට සෑම පුද්ගලයෙකුට ම අවකාශ තිබිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඒ සඳහා අවශ්‍ය මූලික ඩිජිටල් යටිතල පහසුකම් පුද්ගලික අංශය විසින්, පුද්ගලික ආයෝජන මගින් සපයා ගත යුතු අතර පුද්ගලික අංශයට ළඟා විය නොහැකි අවස්ථාවන්ට රජය මැදිහත් විය යුතු බව රජයේ මෙන් ම තමාගේ ද අදහස බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ පසුගියදා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවති 2023 ජාතික තොරතුරු තාක්ෂණ සම්මන්ත්‍රණයේ (NITC – 2023) ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක් වෙමින්.

මෙම ඩිජිටල්කරණයට අවශ්‍ය ඩිජිටල් යටිතල පහසුකම් සපයා ගැනීමට සිදු ව ඇත්තේ ආර්ථික අර්බුදය හමුවේ රජයේ සම්පත් සීමා වී ඇති පසුබිමක බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

ශ්‍රී ලංකා පරිගණක සංගමය හා තාක්ෂණ අමාත්‍යාංශය එක්ව ‘තිරසර ඩිජිටල් සමාජයක් කරා – 2030 ඩිජිටල් ආර්ථිකයක්’ යන තේමාව යටතේ සංවිධානය කළ මෙම සම්න්ත්‍රණය දින දෙකක් පුරා පැවැත්වෙන අතර තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ දැනට සිටින දෙස් විදෙස් විද්වතුන් සහ ප්‍රවීණයන් ද ඊට සහභාගී වී සිටිනවා.

2030 වන විට පූර්ණ වශයෙන් ඩිජිටල් ආර්ථිකයක් බවට ශ්‍රී ලංකාව පරිවර්තනය කිරීමට අදාළ ව ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ විද්වතුන් විසින් ක්ෂේත්‍ර 6ක් ආවරණය වන පරිදි සකස් කරන ලද “ශ්‍රී ලංකාවේ ඩිජිටල් මාර්ග සිතියම සහ ප්‍රතිපත්ති රාමුව (Digital Roadmap and the policy Framework)” තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් විසින් මෙහිදි ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබුවා.

මෙරට කෘෂිකර්මාන්තය නවීකරණය වෙනුවෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය සහ තාක්ෂණ අමාත්‍යාංශය එක්ව, කෘෂිකර්මාන්තය සහ තාක්ෂණික ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ ද දායකත්වය ඇති ව සම්පාදනය කරන ලද “වැඩිදියුණු කරන ලද ඩිජිටල් කෘෂිකාර්මික පරිවර්තනය (Iintergrated Digital Agriculture Transformation)” වාර්තාව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර විසින් ජනාධිපතිවරයා වෙත පිළිගැන්වූවා.

පාසල්, විශ්වවිද්‍යාල, පශ්චාත් උපාධි, ව්‍යාපාරික සහ මහාචාර්ය අධ්‍යයන යන මට්ටම්වලින් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ සිදු කරන ලද පර්යේෂණාත්මක සොයාගැනීම් වෙනුවෙන් ඇගයීම් සම්මාන පිරිනැමීම ද මෙහිදී ජනාධිපතිවරයාගේ සුරතින් සිදු කෙරුණා.

WhatsApp Image 2023 10 13 at 12.19.22
WhatsApp Image 2023 10 13 at 12.19.23 1
WhatsApp Image 2023 10 13 at 12.19.23
WhatsApp Image 2023 10 13 at 12.19.24


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිඹුලෙකුට ගොඳුරු වූ තරුණයා - නෑ නෑ.. ඒ මගේ කොල්ලා නෙමෙයි
00:47
Video thumbnail
නීතිඥ සංගමය, වෘත්තීය සංගම් අලුත් කඩේ අධිකරණය වටලයි - අනුරගේ ආණ්ඩුවත් කළු පැල්ලමක් ඉතිහාසයට එක් කළා
09:03
Video thumbnail
පියංකර ජයරත්න වැලිකඩ බන්ධනාගාරයට
00:39
Video thumbnail
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් නලින්ද ආයාචනා කරයි - විපක්ෂය උද්ඝෝෂණ කළාට අපිට දැනෙන්නේ නෑ
06:33
Video thumbnail
මන්ත්‍රී කාවින්දගේ නිවස පිටුපසින් අත්බෝ#බයක් හමුවෙයි
00:33
Video thumbnail
නාමල් ලි#ගික අල්ලස ගත්තේ නෑ - නාමල් නිර්දෝශියි
06:03
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:12:47
Video thumbnail
ආණ්ඩුවේ රැළිවලට යන වියදම දරන්නේ රටේ ජනතාවගේ මුදල්වලින්ද ?NPP එක වියදම් දරන්නේ
02:01
Video thumbnail
වසර 7කට හිරේට ගිය පියංකර ගැන නලින්ද කට අරියි - දැනට පවතින නීතිය අනුව වැඩ වෙන්නේ
03:02
Video thumbnail
ක්‍රීඩා පිටි නොදුන් නිසා පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?දෙකයි පනහේ වැඩ කරන්න එපා
10:05