ඩ්‍රයිවින් ලයිසන් නිකුත් කිරීම 18 වනදා සිට – එකකින් රජයට රුපියල් 166ක ඉතිරියක්

රියදුරු බලපත්‍ර නිකුත් කිරීම ඔක්තෝම්බර් 18 වනදා සිට සිදුකරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කළේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සතුව මේ වනවිට රියදුරු බලපත්‍ර කාඩ් ලක්ෂ අටක ප්‍රමාණයක් ඇති බවයි.

අද (08) පාර්ලිමේන්තුවේදී පැහැදිලි කිරීමක් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

එමෙන්ම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සතුව පවතින රියදුරු බලපත්‍ර කාඩ් ලක්ෂ 08 අවසන්වීමට පෙර තවත් රියදුරු බලපත්‍ර කාඩ් ලක්ෂ 10ක ප්‍රමාණයක් ඇනවුම් කිරීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

එම රියදුරු බලපත්‍රය මුද්‍රණය කිරීමට රජය මඟින් සිදුකරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ.

මීට පෙර රියදුරු බලපත්‍රය මුද්‍රණය, මෙට්‍රෝ පොලිටන් නැමැති පුද්ගලික ආයතනයක් මඟින් සිදුකළ බව සඳහන් කළ ඔහු, එහිදී එක් රියදුරු බලපත්‍රයක් මුද්‍රණය කිරීමට රුපියල් 534.54ක මුදලක් වැයවූ බවයි.

කෙසේ වෙතත් ඉදිරියේ දී රජය විසින් රියදුරු බලපත්‍ර මුදනය කිරීමට ආරම්භ කිරීමත් සමඟ එක් රියදුරු බලපත්‍රයක් මුද්‍රණය කිරීම වෙනුවෙන් රුපියල් 368.16ක පමණ මුදලක් වැයවන බවයි අමාත්‍ය බිමල් රත්නායක අවධාරණය කළේ.

ඒ, අනුව එක් රියදුරු බලපත්‍රයක් මුද්‍රණය කිරීම වෙනුවෙන් රුපියල් 166ක මුදලක් රජයට ඉතිරිකර ගැනීමට හැකිවන බවයි ඔහු මෙහිදී පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12