ජොන්ස්ටන්ට ගුවන් ගමන් තහනම් වෙයි

හිල්ටන් හෝටලයේ රථ ගාලේ ලියාපදිංචි නොකරන ලද බී.එම්.ඩබ්. (BMW) වර්ගයේ වාහනයක් සැකකටයුතු ලෙස නවතා ඇති බවට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ද ලද තොරතුරක් මත එහි සමූහ මංකොල්ල විමර්ශන අංශය විසින් සිදු කරන ලද විමර්ශන වාර්තාවක් අද (10) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

එහිදී එම රථයේ චැසි අංකයට අනුව එම රථය මෙරටට ගෙන්වන ලද මෙරට නියෝජිතයා පවසා ඇත්තේ එය ජර්මනියේ නිෂ්පාදිත එකක් බවත් එය අපනයනය සිදුකර ඇත්තේ වෙනත් රටකට බවයි.

එම රථය ⁣මෙරටට ගෙන්වූ ආකාරය පිළිබඳව විමර්ශනය කෙරුණු අතර එහිදී මෙම රථය භාවිත කර ඇත්තේ ගරාජ් අංකයක් යටතේ බවත් එම ගරාජ් අංකය ලියාපදිංචි කර ඇති ලිපිනය කොළඹ හෝටලයක බවත් එම හෝටලයේ අයිතිකරු හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු බවත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට පෙන්වා දී තිබෙනවා.

එමෙන්ම රථය තුළ තිබී අමාත්‍යවරයාගේ නම සඳහන් ඉන්වොයිස් පත්‍රයක් ද සොයා ගත් බවට ද කරුණු වාර්තා වී ඇති බවයි සඳහන් වන්නේ.

එම වාහනය අලුත්වැඩියා කිරීම සඳහා යොදාගෙන ඇති අංක තහඩුව වෙනත් රථයක අංක තහඩුවක් බව ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවා.

එම රථය වසර දෙකක් පමණ ඒ අයුරින් භාවිතා කර ඇති බව මෝටර් රථ ලියාපදිංචි දෙපාර්තමේන්තුව ද සඳහන් කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියා.

මේ සම්බන්ධයෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අද දිනයේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීමට පැමිණෙන්නට කියූ නමුත් ඔහු නොපැමිණි බව ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට දැනුම්දී තිබෙනවා.

මෙම සිද්ධියට අදාළව මේ වන විට රස පරීක්ෂක වාර්තාවක් ද ඉල්ලා ඇති අතර
එය තවම ලැබී නොමැති බවත් එය ලැබෙනතුරු මෙම සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සැකකරුවෙක් ලෙස නම්කර ගුවන් ගමන් තහනමක් පනවන ලෙස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වු කරුණු සලකා බැලු කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට ගුවන් ගමන් තහනමක් පැනවූවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර වාර්තා ඉදිරිපත් කිරීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ද නියෝග කිරීමටයි පියවර ගැනුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.09
00:00
Video thumbnail
ශිරන්ති අක්ෂි රෝහලේ සිට නැවත වැලිකඩට - දැඩි ආරක්ෂාව මැද යන හැටි
01:24
Video thumbnail
ශිරන්ති රාජපක්ෂව වැලිකඩ සිට රජයේ අක්ෂි රෝහලවෙත රැගෙන ආ හැටි
01:19
Video thumbnail
නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර විශේෂ සාකච්ඡාවක් - දෙපක්ෂයේ ප්‍රබලයින් රැසක්ම එයි
01:45
Video thumbnail
අවන්හලක් රත්කළ වෙ# වරුසාවෙන් පසු එහි නවතම දර්ශන - ඥාතීන් ඇවිත් හඬා වැටෙයි
01:23
Video thumbnail
නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි
01:01
Video thumbnail
කාටත් හොරා කරපු නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි - සැකකරු බඩුත් එක්කම කුදලන් එයි
01:06
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම ගැන නීතීඥයෙක් හෙළිකරපු දේ - නිලධාරින්ට වරද පටවලා ?
06:25
Video thumbnail
නාගොඩ ප්‍රදේශයේ අඹුසැමි යුවලකට වෙ#
00:18
Video thumbnail
එකම තැන බිහිසුණු අනතුරු දෙකක්
01:47