ජොන්ස්ටන්ට ගුවන් ගමන් තහනම් වෙයි

හිල්ටන් හෝටලයේ රථ ගාලේ ලියාපදිංචි නොකරන ලද බී.එම්.ඩබ්. (BMW) වර්ගයේ වාහනයක් සැකකටයුතු ලෙස නවතා ඇති බවට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ද ලද තොරතුරක් මත එහි සමූහ මංකොල්ල විමර්ශන අංශය විසින් සිදු කරන ලද විමර්ශන වාර්තාවක් අද (10) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

එහිදී එම රථයේ චැසි අංකයට අනුව එම රථය මෙරටට ගෙන්වන ලද මෙරට නියෝජිතයා පවසා ඇත්තේ එය ජර්මනියේ නිෂ්පාදිත එකක් බවත් එය අපනයනය සිදුකර ඇත්තේ වෙනත් රටකට බවයි.

එම රථය ⁣මෙරටට ගෙන්වූ ආකාරය පිළිබඳව විමර්ශනය කෙරුණු අතර එහිදී මෙම රථය භාවිත කර ඇත්තේ ගරාජ් අංකයක් යටතේ බවත් එම ගරාජ් අංකය ලියාපදිංචි කර ඇති ලිපිනය කොළඹ හෝටලයක බවත් එම හෝටලයේ අයිතිකරු හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු බවත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට පෙන්වා දී තිබෙනවා.

එමෙන්ම රථය තුළ තිබී අමාත්‍යවරයාගේ නම සඳහන් ඉන්වොයිස් පත්‍රයක් ද සොයා ගත් බවට ද කරුණු වාර්තා වී ඇති බවයි සඳහන් වන්නේ.

එම වාහනය අලුත්වැඩියා කිරීම සඳහා යොදාගෙන ඇති අංක තහඩුව වෙනත් රථයක අංක තහඩුවක් බව ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවා.

එම රථය වසර දෙකක් පමණ ඒ අයුරින් භාවිතා කර ඇති බව මෝටර් රථ ලියාපදිංචි දෙපාර්තමේන්තුව ද සඳහන් කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියා.

මේ සම්බන්ධයෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අද දිනයේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීමට පැමිණෙන්නට කියූ නමුත් ඔහු නොපැමිණි බව ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට දැනුම්දී තිබෙනවා.

මෙම සිද්ධියට අදාළව මේ වන විට රස පරීක්ෂක වාර්තාවක් ද ඉල්ලා ඇති අතර
එය තවම ලැබී නොමැති බවත් එය ලැබෙනතුරු මෙම සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සැකකරුවෙක් ලෙස නම්කර ගුවන් ගමන් තහනමක් පනවන ලෙස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වු කරුණු සලකා බැලු කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට ගුවන් ගමන් තහනමක් පැනවූවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර වාර්තා ඉදිරිපත් කිරීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ද නියෝග කිරීමටයි පියවර ගැනුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
16
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමගි ජන බලවේගයේ පා.ම මුජිබුර් රහුමාන් සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
මම පාවා දෙන්න පට්ට චරිතයක්..කපටිකම උපරිමයි..අතීතයේ ඩඩ්ලි කරපු වැඩ හිනාවෙවී කිව්ව හැටි
07:15
Video thumbnail
ඉරාන් ක්‍රිකට් බෝඩ් එක භාරගන්නවද ? "භාරදෙන්න එපැයි භාරගන්නවද නැද්ද කියන්න"
02:13
Video thumbnail
සමහරු දැන් මගෙන් ඉගෙන ගන්න එනවා..ලාල්කාන්ත හැමෝගෙම ඉස්සරහා කිව්ව කතාව
03:38
Video thumbnail
ඉල්ලා අස්වුණු ශම්මි සිල්වා පිටව ගිය හැටි
00:21
Video thumbnail
විශ්ව විද්‍යාල ශිෂ්‍යයයින් අධ්‍යාපන අමාත්‍යංශය වට කරයි..අපේ සටන පුළුවන්නම් නවත්තපන්
02:44
Video thumbnail
ජාත්‍යන්තර සාම පා ගමන සමාප්ති රාජ්‍ය උත්සවය
02:00:56
Video thumbnail
ශම්මි සිල්වා ප්‍රමුඛ ක්‍රිකට් විධායක කමිටුව ඉල්ලා අස්වෙයි
01:14
Video thumbnail
සුගීෂ්වර ඇතුළු සෙට් එකව ගමේ මිනිස්සු හූ කියලා එලවයි
01:13
Video thumbnail
පාතාලය මර්දනය කරන්න්න තුවක්කුවෙන් විතරක් බෑ..පුංචි දේකින් අපේ කඳුළු වට්ටන්න පුලුවන්
09:50