Fly high Get bonus Aviator Phone

ජෙරම් ප්‍රනාන්දු රිමාන්ඩ්

අද දහවල් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ දේවගැති ජෙරම් ප්‍රනාන්දු ලබන 13 වනදා දක්වා රක්ෂිත බන්ධාගාර ගතකර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (01) දහවල් අත්අඩංගුවට ගැනුණු ඔහු ඉදිරිපත් කෙරුණේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවටයි.

ඊයේ (30) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබාදුන් සැකකරුට අද දිනයේද යළිත් පැමිණෙන ලෙසට දැනුම්දී තිබුණා. ඒ අනුව අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීමෙන් අනතුරුවයි ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ.

බුදුදහම ඇතුළු ආගම්වලට අපහාස කිරීමේ චෝදනාවට ලක්ව සිටින සැකකරු ප්‍රකාශයක් ලබාදීම සඳහා අද දෙවන දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියා.

චෝදනා එල්ලවී සිටින දේවගැතිවරයා විදෙස් ගතව සිට පෙරේදා (29) දිනයේයි දිවයිනට පැමිණියේ.

ඊට පෙර අභියාචනාධිකරණය ඔහුට නියෝග කර තිබුනේ දිවයිනට පැමිණීමෙන් පසු පැය 48ක කාලයක් ඇතුළත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික විමර්ශන අංශයේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදිය යුතු බවටයි.

අදාළ නියෝගයට අනුව ඔහු ඊයේ (30) දින එම විමර්ශන අංශයට පැමිණ ප්‍රකාශයක් ලබා දුන්නා.

පැය අටක පමණ කාලයක් එක ඒකකය හමුවේ ප්‍රකාශයක් ලබා දුන් දේවගැති ජෙරම් ප්‍රනාන්දුට අද (01) දිනයේදීත් ප්‍රකාශයක් ලබාදීම වෙනුවෙන් කැඳවීම් ලැබ තිබුණා.

ඒ, අනුව අද (01) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි ඔහු අත්අඩංගුවට ගැනීමයි එහි නිලධාරීන් කටයුතු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
9
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?