ජූලි චන්ග්ගෙන් ශ්‍රී ලංකාවට අමෙරිකාවෙන් ලැබෙන සහාය ගැන සහතිකයක්

ශ්‍රී ලංකාවේ, අමෙරිකා එක්සත් ජනපද තානාපති ජූලි චන්ග් මහත්මිය හා කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අතර හමුවක් පසුගියදා (24) සිදු වුණා.

ඒ පාර්ලිමේන්තු පරිශ්‍රයේ දියි.

මෙම හමුවේ දී පළමුව අමෙරිකානු තානාපතිවරිය විසින් කතානායකවරයාට සුබ පැතුම් ද එක් කරනු ලැබූ අතර කතානායකවරයා ද අමෙරිකානු නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් හට සිය සුබාශිංසන එක් කළා.

දසවන පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා – ඇමරිකා එක්සත් ජනපද පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය පිහිටුවීමට කටයුතු කිරීම පිළිබඳව සිය සතුට පළ කළ ඇය, එය දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සඳහා
වැදගත් පියවරක් වනු ඇති බවයි කියා සිටියේ.

COVID-19 වසංගතය සහ මෑත කාලීන ආර්ථික අභියෝග ඇතුළු තීරණාත්මක අවස්ථාවන්වල දී ශ්‍රී ලංකාවට ඇමරිකා එක්සත් ජනපදය ලබා දුන් සහායට ද ශ්‍රී ලංකා රජය වෙනුවෙන් කතානායකවරයා සිය ස්තුතිය පුද කළා.

දෙරට අතර සහයෝගීතාව හරහා විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය වැනි මුලපිරීම් ඔස්සේ විනිවිදභාවය, වගවීම සහ පාලනය තුළ පුරවැසි සහභාගීත්වය වර්ධනය කිරීමට ඇති හැකියාව ද ඇය මෙහිදී අවධාරණය කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:46
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57